25000 වාහන දඩය කඩිනමින් - පොලිස්‌පති නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 3, 2017

25000 වාහන දඩය කඩිනමින් - පොලිස්‌පති නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

25000 වාහන දඩය කඩිනමින් - පොලිස්‌පති නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි
රථවාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (02) 2017 නව වසර වෙනුවෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති විශේෂ උත්සවයකදී ය. ඒ සම්බන්ධව මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා දඩය ක්‍රියාත්මක කරන බවද පොලිස්‌පතිවරයා පෙන්වා දුන්නේය. 

එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යවශ්‍ය බවද හුදෙක්‌ වැරදි කරන අයට මෙම දඩ මුදල ක්‍රියාත්මක කරන බවද නීතිගරුක පිරිසට ඉන් කිසිදු කරදරයක්‌ නොවන බවද මෙහිදී පොලිස්‌පතිවරයා සඳහන් කළේය. රථවාහන වැරදි කරන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස්‌ නිලධාරීන් කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *