2016 කරළියේ පෙරැලි කළ පුවත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

2016 කරළියේ පෙරැලි කළ පුවත්

'ජනවාරි'

2016.01.03 - කැරට් 1404ක බරකින් යුතු ඩොලර් මිලියන 100 කට වැඩි වටිනාකමක් සහිත මැණිකක් මව්බිමෙන් සොයා ගැනුණු අතර එය ආදම්ගේ තාරකාව ලෙස නම් කෙරුණි.

2016.01.05 - වසර ආරම්භයේදීම ශ්‍රී ලංකා පොලිස් කළු පැල්ලම් ගොන්නට තවත් පැල්ලමක් එකතු කරමින් ඇඹිලිපිටියේ කොටහළු මංගල සාදයකදී පොලිසිය හා ඇති වූ ගැටුමකින් සිවිල් තරුණයෙක් මිය ගියේ ය.

2016.01.08 - පොළොන්නරුවේදී මෛත්‍රී මරන්නට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජික සිවරාසාට මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදුනි.

2016.01.18 - ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්,කොන්තයක්,හනුමාන් රූපයක් හා කුරුසයක් තිබෙන බව මුල් වරට ජනමාධ්‍යට හෙළිදරව් විණි.

'පෙබරවාරි'

2016.02.04 - '68' වන ජාතික නිදහස් උළෙල ඉතිහාස පොතට එක් කරමින් සිංහල බසින් ජාතික ගීය ගයා ආරම්භ කර දෙමළ බසින් ජාතික ගීය ගයා අවසන් කෙරිණි.

2016.02.07 - තම සුපුරුදු හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත 2016 වසරේදීත් ක්‍රියාත්මක කළ උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්මුතීන් රිසි සේ උල්ලංඝනය කරමින් දිගු දුර රොකට්ටුවක් අත්හදා බැලීම සිදු කළහ.

2016.02.09 - ලාංකික රොකට් තාක්ෂණ සිහිනය තවදුරටත් සිහිනයක්ම නොවිය යුතු බවට ඒත්තු ගන්වමින් තිවංක නෙරංජන් නමැති කුරුණෑගල ප්‍රදේශයේ තරුණයෙක්, තමන් විසින් නිර්මාණය කළ රොකට්ටුවක ක්‍රියාකාරිත්වය අත්හදා බැලීය.

2016.02.19 - යහපාලන ඡන්ද පොරොන්දුත් එක්ක කරලියට ආපු ලංකාවටම WIFI දෙන වැඩේට ඇමරිකාවෙන් ලංකාවට එවපු ගූගල් බැලුම ගම්පොලදී කඩා වැටිණි.

'මාර්තු'





2016.03.02 - පාටලී චම්පික අමාත්‍ය වරයාගේ ජීප් රියේ ගැටුණු සන්දීප් නම් තරුණයෙක් අසාධ්‍ය තත්වයෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුණු අතර මෙම සිදුවීම එවකට රට පුරා දැඩි ආන්දෝලනයට තුඩ දුන් සිදු වීමක් විය.

2016.03.10 - අස්ගිරි පාර්ශවයේ මහනාහිමියෝ දැන් සමුගත්හ.

2016.03.15 - සේයා සදෙව්මි නම් පුංචි මල් කැකුළ කෙලෙසා ඝාතනය කළ නරුමයාට මරණ දණ්ඩනය හිමි විය.

2016.03.23 - බෙල්ජියම් අග නුවර බෝම්බ කිහිපයක්ම පුපුරා යන්නට විය.


'අප්‍රේල්'
 

2016.04.03 - 2016 විස්සයි-20 ලෝක කුස්සලානය තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.

2016.04.04 -
රුපියල් කෝටි 110ක් වටිනා හෙරොයින් කිලෝ 101 ක් මෙරටට ගෙන එමින් සිටි නෞකවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබිණි.

2016.04.07 -
අස්ගිරි පාර්ශවයේ නව මහ නාහිමි ලෙස බදුලු මුතියංගන රජ මහ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පත් විය.

2016.04.10 -
ශ්‍රී ලංකාවේ නව පොලිස්පති දුරය සඳහා පූජිත් ජයසුන්දර මහතා තෝරා පත් කෙරිණි.


'මැයි'
 

2016.05.03 - උත්තරීතර පාර්ලිමේන්තුවට ජනතාව පත් කර යැවූ මන්ත්‍රීවරුන්ගේ විනය මොනවට පසක් කරමින් මෙම වසරේදීත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදීම එනකොටා ගනිමින් පාර්ලිමේන්තුව යුධ පිටියක් බවට හැරවූහ.

2016.05.12 - ග්‍රහලෝක 100 කින් සමන්විත නවතම සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගැනීමට 'නසා' ආයතනය සමත් විය.

2016.05.14 - ලංකාවම ජලයෙන් තෙත් කරමින් මහා වැසි ඇද වැටිම ආරම්භ වූ අතර ජලාශ උතුර යමින් ගම් නගර නාය ගොස් ලාංකික ජන ජීවිතය අඩාල වන්නට විය.

2016.05.18 - සමස්ථ ලංකාවම කඳුලින් තෙත් කරමින් අරණායක ගම් 3ක් ජිවිත සිය ගණනක් සමඟ පස් යට මිහිදන් කරමින් අරණායක කන්ද නාය ගියේ ය.

2016.05.29 -
සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරයක් විවෘත කිරීමේ උත්සවයකට කඩා වැටුණු නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් නාවුක හමුදා නිලධාරියකුට ප්‍රසිද්ධියේ බැන වැදුණු අතර එය එවකට රට පුරා දැඩි විවේචනයට පත්‍ර වූ සිදු වීමක් විය.


 'ජුනි'



2016.06.03 - ලොව හෙල්ලූ හෙවිවේට් බොක්සිං ශූර මොහොමඩ් අලී සදහටම මෙලොවින් සමුගත්හ.

2016.06.04 - ලංකාවේ ලොකුම අවි ගබඩාවත් සමඟින් කොස්ගම හමුදා කඳවුර පුපුරා ගියේ ය.

2016.06.11 - ජනාධිපති මන්ධිරයේ පිහිටි ගෝර්ඩන් උද්‍යානයේ වූ ටොන් 20ක් බරැති ගල්කුළක සටහන් කර තිබු පෘතුගීසි රාජ්‍ය ලාංඡනය අතුරුදන් වී තිබිණි.

2016.06.15 - ජවිපෙට යළි පන දුන් සෝමවංශ අමරසිංහ මහතා අභාවප්ප්‍රාප්ත විය.


 'ජූලි'


2016.07.07 - O/L-A/L පාස් නැති තරුණ තරුණියන් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ විශේෂ තීන්දුවක් ලෙස වෘත්තීය පුහුණු පාඨමාලාවේ NVQ 3 අදියර සාමාන්‍ය පෙළටත් NVQ 4 අදියර උසස් පෙලටත් සමාන කිරීම සිදු විය.

2016.07.17 - යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ මහ ගැටුමක් හේතුවෙන් යාපනය සරසවිය වසා දැමුණි.

2016.07.21 - වසර 2 කට පසු රනිල් - මෛත්‍රී ගිවිසුම තවත් වසර 5කට දික් කෙරුණි.

2016.07.27 - නුවර ඉදන් කොළඹට එන මහින්දගේ ජන සටන පාදයාත්‍රාව ආරම්භ විය.


'අගෝස්තු'


 2016.08.01 - මහින්දගේ ජනසටන පාද යාත්‍රාව මගින් ලිප්ටන් වටරවුම ආක්‍රමණය කෙරිණි.

2016.08.02 - ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 14500ක ද ජපානයෙන් ඩොලර් කෝටි 100ක ද ණය ආධාර මව්බිමට හිමි විය.

2016.08.08 - සිංහල වේදිකා නාට්‍ය වංස කතාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වූ මනමේ නාටකයේ මනමේ කුමරුන් ලෙසින් ලාංකික රංගන වේදිකාව සුපෝෂණය කල කෘතහස්ත රංගධර විජය නන්දසිරි මහතා ජිවන රඟ මඩලින් බැස ගියේ ය.

2016.08.19 - යහපාලනයේ අවුරුද්ද මෛත්‍රීයි-රනිලුයි මාතරදී සැමරීය.
 


'සැප්තැම්බර්'


2016.09.05 - මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති වරයාට එල්.ටී.ටී.ඊ ඩයස් පොරාවේ පිරිසක් පහර දී තිබිණි.

2016.09.08 - ආන්දෝලනයට තුඩුදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකුට මරණ දඬුවම හිමිවිය.

2016.09.17 - එක්සත් ජාතීන්ගේ 71 වන මහා සමුළුව කට උඩ තියෙද්දී නිව්යෝක් නගරයේ බෝම්බ කිහිපයක්ම  පුපුරා ගියේ ය.

2016.09.29 - එතෙක් සන්සුන්වෙමින් පැවති ඉන්දු පකිස්තාන දේශ සීමා යළි ගිනියම් කරමින් ඉන්දියාවෙන් පකිස්ථානයට බරපතල ප්‍රහාරයක් එල්ල විය.

'ඔක්තෝම්බර්'


2016.10.07 - සමස්ත ලෝකයටම පිළිලයක් වූ ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බාකර් වස දී මරා දමා තිබිණි.

2016.10.10 - බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය අසල ඇති බදුල්ල නගර සභා කුණු කන්දේ පැතිරුණු ගින්නකින් ඇතිවූ විෂ දුම තත්වය හේතුවෙන් බදුල්ල නගරයේ ජන ජීවිතය මුළුමනින්ම අඩාළ විය.

2016.10.12 - වේදනාවක්, දුකක් ඇති වූ අවස්ථාවන්හීදී ශ්‍රී ලාංකිකයින් අතර නිරායාසයෙන් භාවිතාවන 'අයියෝ' වචනය ඉංග්‍රීසි භාෂාවේ සම්භාව්‍ය ශබ්ද කෝෂය වන ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කර ගැනුණි.

2016.10.13 - ලොව දිර්ඝතම කාලයක් එනම්,වසර 70ක් රජ කිරුළ දැරූ තායිලන්තයේ භුමිබෝල් රජු අභාවප්‍රාප්ත විය.


'නොවැම්බර්'


2016.11.03 - හෙළ ගී අඹරේ දිදුළන පුන් සඳ ලෙසින් යුග යුග ගණනාවක් මෙරට සුභාවිත සංගීතය පෝෂණය කළ හෙළයේ මහා ගන්ධර්ව පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමුගත්හ.

2016.11.07 - යෝජිත විශ්‍රාම වැටුප ලබා දිය යුතු බවට වන පොරොන්දුව ලිකිතව ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අබාධිත රණවිරුවන් පිරිසක් ගෙන ගිය විරෝධතාවයට පොලිසිය හා කැරලි මර්ධන ඒකකයේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල විය.

2016.11.10 - ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා පත්කර ගැනීමේ සටනින් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරදා රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ලැබීය.

2016.11.24 - උතුර දෙවනත් කරමින් ජනතාව අතර භීතිය පැතිර වූ අවා කල්ළිය කොටු කර ගැනිණි. 


'දෙසැම්බර්'


2016.12.06 - ඉන්දීය තමල්නාඩු මහ ඇමිතිනී ජයලලිතා ජයරාම් මිය ගියේ ය.

2016.12.09 - කැප්පෙටිපොල ඇතුළු වීරයින් 19 දෙනා රාජ ද්‍රෝහීන් කළ 1818 ගැසට් පත්‍රය ජනපති විසින් අවලංගු කිරීම සිදු විය.

2016.12.11 - මාගම්පුර වාරයේ විදේශීය නව්කා දෙකක් රඳවා ගනිමින් එම වරාය සේවකයින් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණය මැඩලීමට ගිය නාවුක හමුදාපතිවරයා විසින් ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙකුට පහර දී තිබිණි.

2016.12.24 - කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකෙරුණු ලොව විශාලතම නත්තල් ගහ විවෘත කිරීම සිදු විය.

සංස්කරණය - රුවින්ද වීරසිංහ , ලක්නා මාරසිංහ

උපුටා ගැනීම : mawbima.lk

No comments:

Post a Comment

Post Bottom Ad