යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ තරුණ පිරිසක් එක් වී නව සිවිල් සංවිධානයක් ගොඩනැගීම සඳහා මේ දිනවල සාකච්ජා කරමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා කරවීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් ක්‍රියාකළ මෙම පිරිස, වසර දෙකක් අවසානයේදී යහපාලන ආණ්ඩුව විසින් යහපාලන ප්‍රතිපත්තීන් වලට සිදුකර තිබෙන හානිය පිළිබඳව දැඩි කලකිරීමෙන් පසුවන පිරිසකි.
තවදුරටත් නිහඬව සිටීමෙන් මහජනතාව තුල ජනාධිපතිවරයා කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටීමට ලක්වන බැවින් සැබෑ යහපාලනයක් බිහි කිරීම සඳහා සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ජනාධිපතිවරයා සතු වගකීම පිළිබඳව පැහැදිලි කිරීම සහ ඒ පිළිබඳ මහජන මතය නියෝජනය කිරීම මෙම සංවිධානයේ අරමුණයි.
ආණ්ඩුවේ තනතුරුවල නියැලී සිටින තරුණ සිවිල් ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක් සිය තනතුරු වලින් ඉවත් වී මෙම සංවිධානයට සම්බන්ධ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Tuesday, December 20, 2016
යහපාලන ආණ්ඩුව හැදූ පිරිසක් ගැලවෙයි? නව සංවිධානයක් ඇරඹෙයි?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment