මාස 3ක් තිස්සේ කටුනායක ගුවන්තොටුපල දවල්ට වහන්න ඇත්තම හේතුව මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

මාස 3ක් තිස්සේ කටුනායක ගුවන්තොටුපල දවල්ට වහන්න ඇත්තම හේතුව මෙන්න…

කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික ගුවන් තොටුපොළේ (Bandaranaike International Airport) ධාවන පථය ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු සදහා 2017 ජනවාරි 6 වැනිදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වා මාස 3ක කාලයක් දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලයේදී ගුවන් තොටුපොළ වසා දැමේ.

මේ නිසා එම ගුවන් තොටුපොළේ දෛනික මෙහෙයුම් කටයුතු කරන ගුවන් ගමන් 177න් ගුවන් ගමන් වාර 20ක්ම අවලංගු කිරීමට සිදුවන අතර එයින් ගුවන් ගමන් වාර 16ක්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු නිසා එම සමාගමට මේ කාල සීමාවේදී විශාල අලාභයක් දැරීමට සිදුව තිබේ.


කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ යොදා ගැනීමට උත්සාහ කළද අවශ්‍ය යටිතල පහසුකම් එහි නොමැති නිසා විදේශ ගුවන් සමාගම් එහි යෑමට කැමැත්තක් නොදැක්වූ බව ඊයේ (22දා) කටුනායක ගුවන් තොටුපොළේදි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාවරණය කළේය.


ගුවන් තොටුපොළේ මීටර් 3350ක් දිගැති ධාවන පථය අන්තර්ජාතික ප්‍රමිතියකට හා නීතිරීති වලට අදාළව 2001 වසරේදී අලුත්වැඩියා කළ යුතු වුවද එය සිදු නොවුණු නිසා තමා අමාත්‍ය ධූරය භාරගත් වහාම අන්තර්ජාතික ටෙන්ඩර් කැදවා සමාගම් 8ක් අතරෙන් අවම මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගමට ඩොලර් මිලියන 41ක මුදලකට එම කොන්ත්‍රාත්තුව පැවැරූ බව හෙතෙම සදහන් කළේය.


මේ කාලයේදී පිටවීමේ පර්යන්තයේ අමුත්තන්ගේ ශාලාව වසා තැබෙන නිසා රටින් බැහැරව යෑමට පැමිණෙන විට ඥාති මිත්‍රාදීන් කැටුව ඒමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන ගුවන් තොටුපොළ බලධාරීන් මගීන්ට තොරතුරු ලබාදීම සදහා අමතර කාර්ය මණ්ඩලයක් යෙදවීමට කටයුතු යොදා තිබේ.


අදාළ ගුවන් සමාගම් ගුවන් යානා කාලසටහන්වල වෙනස්වීම් හෝ මාර්ගයන් හි වෙනස් කිරීම් පිළිබදව තම මගීන් දැනුවත් කෙරෙනු ඇති අතර මේ කාලයේදී කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන හා පිටව යන රථ වාහන වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad