චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට?

චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට?
චීන සමාගම්වලට රට තුළින් ඉඩම් අක්කර 15,000කට අධික ප්‍රමාණයක් ලබාදීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත සශෝධනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ඉඩමේ අයිතිය සඳහා වූ ජනතා සන්ධානය පවසයි.

මෙම පනත සංශෝධනය කළහොත් සාමාන්‍ය ජනතාවගේ ඉඩමේ අයිතිය අහෝසි වී මහා පරිමාණ සමාගම් වෙත ඉඩම් අයිතිය හිමිවන බවත් මෙම පනත තුළ තිබෙන් ශක්තිමත්භාවය නිසා තනි පුද්ගලයෙකුට ඉඩම් අක්කර 50කට වැඩි ප්‍රමාණයකට අයිතිවාසිකම් කිව නොහැකි බවත් එම සන්ධානයේ සම සම්බන්ධීකාරක චින්තක රාජපක්ෂ මහතා සඳහන් කළේය.

තවද 72 අංක 01 දරණ පනත ඉතාමත් ශක්තිමත් එකක් බවත්, මේ නිසා මෙරට සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතිය හිමිව තිබෙන බවත් ඔහු කියාසිටියේය. ආණ්ඩුවේ නව සැලැස්ම වී තිබෙන්නේ පනතේ පවතින ශක්තිමත්භාවය නැතිකර චීනය ඇතුළු විදේශ සමාගම්වලට ඉඩම් ලබාදීම බවත් මේ යටතේ හම්බන්තොට, මොණරාගල, රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ඉඩම් අක්කර 15,000ක් චීනයට ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා හෙළි කළේය.

මෙම ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් ජනතාව වගා කටයුතු සිදුකරන ඉඩම් වන අතර, තවත් ඉඩම් ප්‍රමාණයක් වනාන්තර සතු ඉඩම් වන බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad