බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි

බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි
 මේ වනවිට දැඩි නාය අවධානම් තත්ත්වයකට පත්ව ඇති බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඊසානදිග මෝසම් වැසි සමඟ බරපතල ආපදා ඇතිවිය හැකි බවට විමර්ශන වාර්තාවලින් හෙළි වී ඇති බැවින් එවැනි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම රාජකාරියෙන් ඔබ්බට ගොස් පරිත්‍යාගශීලීව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඉල්ලීමක් කරයි.

ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ආපදා සහන විමර්ශන සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා, "ජාතික ගොඩනැගිලි පරේයේෂණ වාර්තා අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 69% ක් අස්ථාවර තත්ත්වයට පත්ව නිවාස 7000 ක් දැඩි, මධ්‍ය සහ අඩු අවදානම් තත්ත්වයට පත්වී තිබෙනවා. 

ගිය ජනවාරි පළමුවෙනිදා සිට මේ දක්වා කඳු ගිනිගැනීම් 200කට වැඩි ප්‍රමාණයක් මේ බදුල්ලේ සිදුකරලා තියෙනවා. මේ කදු ගිනි තැබීම්වල අවසාන රිස්ස මේ මී වදයක් වගේ බද්ද වෙලා තියෙන පස් රත් වෙලා එකින් එක වියෝජනය වෙනවා ලිහෙනවා. ලිහෙනු නිරාවරණ පොළොවට වැටෙන වැස්ස සියල්ල සෝදාගෙන යනවා.  

ජාතික ගොඩනැගිලි පර්යේෂක ආයතන වාර්තා අනුව මට නම් හිතෙන්නෙ බදුල්ල පවතින්නේ තවත් අවුරුදු 50යි. මේ අස්ථාවර තත්ත්වය එන්න එන්න වර්ධනය වෙනවා. ඒක නිසා පෙබරවාරි මාසයේදී මෙහි පැමිණි අග්‍රාමාත්‍යතුමා පිහිට වූ ආර්ථික කමිටුවේ මූලික සාකච්ඡාවට ලක් වුණෙත් මේ කාරණයමයි. ඒ ආර්ථික කමිටුව තීරණයක් ගත්තා එක තැනක පිහිටුවන නිවාස ව්‍යාපෘති හදලා ඒ නිවාස ව්‍යාපෘතිවලට එක තැනකට අවශ්‍ය පොදු පහසුකම් ලබාදෙන්න කියලා" යනුවෙන් පැවසීය.

නාය අවදානම් ප්‍රදේශවල දත්ත රැස්කිරීම සඳහා ගොඩනැගිලි පර්යේෂණආයතනය විසින් ගූගල් සීතියම්ගත කිරීම ආරම්භ කළද මේ දක්වා සිදුකර ඇත්තේ ඉන් 50% ක් බවත් ඒ සඳහා ජනතාව නිසි පිළිතුරු ලබා නොදෙන බවත් මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad