දඹදිව වන්දනා පැමිණිලි රජයට කියන්න අංකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

දඹදිව වන්දනා පැමිණිලි රජයට කියන්න අංකයක්


දඹදිව වන්දනා සඳහා 2016 වසරේ බැතිමතුන් රැගෙන ගිය වන්දනා ආයතන සම්බන්ධයෙන් පැමිණිලි හෝ අදහස් ඇත්නම් ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

මේ මස 31 වැනිදාට පෙර අදාළ පැමිණිලි හා අදහස් 011 2 30 76 74 හෝ 011 2 30 79 05  දුරකථන අංක වෙත දන්වන ලෙස ඉල්ලා ඇත.  2017 වසර සඳහා සුදුසුකම් සපුරා ඇති දඹදිව වන්දනා චාරිකා සංවිධාන ලියාපදිංචි කිරීමට ලැබෙන  පැමිණිලි හා අදහස් සැලකිල්ලට ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යාංශය දන්වයි. 

ලේකම්, බුද්ධ ශාසන අමාත්‍යාංශය , අංක 135 ධර්මපාල මාවත කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද අදාළ පැමිණිලි සහ අදහස් යොමුකළ හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad