අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 7, 2016

අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?

අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 40-46 නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැරණි බස්රථ 1,000ක් අලුත්වැඩියා කිරීම සඳහා ලංසු කැඳවන ලද නමුත්, ඒ සඳහා ඉදිරිපත් වී ඇති මිල ගණන් අනුව බස් රථයක් අලුත්වැඩියා කිරීමේ පිරිවැය, නව බස් රථයක් මිල දී ගැනීම සඳහා වැය වන මුදලට ආසන්න බැවින් එය ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව පෙනී ගොස් ඇතැයි රජය සඳහන් කර තිබේ.

ඒ අනුව, බස් රථ 1,000ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමටත්, ඒ වෙනුවට ආසන 40-46 (2x2) උස් පසුපස ආසන ඇන්ද සහිත නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad