ඇමති අකිල ගුරුවරුන්ට තහනමක් පනවයි

ඇමති අකිල ගුරුවරුන්ට තහනමක් පනවයි

ලබන වසරේ සිට රජයේ පාසල් ගුරුවරුන්ට, පාසල් සිසුන්ගෙන් තෑගි භෝග ලබා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) උදෑසන ගිරිඋල්ල - නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

ඊට අදාළ චක්‍රලේඛයට තමන් මේ වන විට අත්සන් තබා ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment