'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 19, 2016

'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත

'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත

මාර්ග නීති කඩ කිරීමේ දඩය රුපියල් 25,000 දක්වා වැඩි කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් බස් රථ රියදුරන් සහ ති‍්‍රරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා පවතින නීති පද්ධතිය කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි.

විනයවත් රටක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතු බවට අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad