සුපිරි රේසිං මෝටර් රථයක් මහනුවරින් මතුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

සුපිරි රේසිං මෝටර් රථයක් මහනුවරින් මතුවෙයි


මහනුවර තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් දිගන ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසක සඟවා තිබූ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු අධි බලැති රේසින් මෝටර්
රථයක් විශේෂ පොලිස් කණ්ඩායමක් භාරයට ගනු ලැබූ බව වාර්තාවේ.

මෙම අති නවීන මෝටර් රථය අදාළ තීරු බදු නොගෙවා රහසිගතව රේගුවෙන් පිට කළ එකක් බවට ලද තොරතුරකට අනුව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා කොළඹින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලිස් භාරයට ගෙන ඇති බව මහනුවර මූලස්ථාන පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඉකුත් 14 දින පස්වරුවේ දිගන මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් මෙම අධි බලැති රේසිං මෝටර් රථය මෙම ව්‍යාපාරිකයා හට ලැබුණේ කෙසේද? මේ සම්බන්ධයෙන් දේශපාලන පසුබිමක් ඇත්දැයි සොයා විමර්ශන සිදු කිරීම සඳහා මෝටර් රථය පොලිස් භාරයට ගත් බවත් මේ සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කෙරෙන බවත් එම පොලිස් නිලධාරියා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad