මහින්දානන්ද පොඩි බයික් එකකින් අපේ කඩේට ආවා - අකිල --- මං පිරිමි ගණිකාවක් වෙලා නෑ කවදාවත් - මහින්දානන්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

මහින්දානන්ද පොඩි බයික් එකකින් අපේ කඩේට ආවා - අකිල --- මං පිරිමි ගණිකාවක් වෙලා නෑ කවදාවත් - මහින්දානන්ද

මහින්දානන්ද පොඩි බයික් එකකින් අපේ කඩේට ඇවිත් තියනවා - අකිල විරාජ්
මං පිරිමි ගණිකාවක් වෙලා නෑ කවදාවත් - මහින්දානන්ද (video)

පාර්ලිමේන්තු අයවැය විවාදය අතර ඊයේ දිනයේ දැඩි උණුසුම්කාරී වාදයක් හටගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතරය.
"මේගොල්ලන් හොරාකාලා දැන් කෑගහන්නත් එනවා. හරි නම් මේගොල්ලන් ඉන්න ඕන හිරගෙවල්වල. අපි දේශපාලන වශයෙන් කාගෙන්වත් පළිගන්නේ නැහැ" යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
"ඒකද එහෙනම් 15 දෙනෙක් ඇතුළට දැම්මේ" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාය.


"අපි කැරම් බෝඩ් හොරකම් කළේ නැහැ" අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ඉන් පසුව ආණ්ඩු පක්ෂයේත් ඒකාබද්ධ විපක්ෂයේත් ජනතා නියෝජිතයන් මෙහිදී කෑකෝගසන්නට වීම නිසා මැති සබයේ ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයකි.
"ඔබතුමා ඒ කාලේ කුරුණෑගල අපේ කඩේට ආවේ මෝටර් බයිසිකලෙන් ජැකට් එකක් දාගෙන. එහෙම ආපු සේල්ස් රෙප් අද කෝටිපතියෙක් වුණේ කොහොමද?" යනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා නැඟිටිමින් විමසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අය-වැය විවාදයට සහභාගි වෙමින් සිටියදීය.
"මං වැඩ කළේ අලෙවි විධායකයෙක් ලෙස. මං ඒක පිළිගන්නවා. ඒකේ මොකක්ද තියෙන වැරැද්ද? නමුත් මං කවදාවත් තමන්ගේ අවයව විකුණලා නැහැ. ඒක නිසා මං පහත් තැනකින් ආපු එක මට නම්බුවක්" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාය.
කෝපයට පත්වූ සෙයක් දිස්වූ ඔහු අකිල් විරාජ් ඇමතිවරයාට කතාවක් දුන්නාට සභාපතිවරයාට දොස් පැවරුවේය (එය හැන්සාඩ් වලින් ඉවත් කර ඇත)
පසුව මෙසේ කීය.
"මම ඒ වුණාට අවයව විකුණලා නෑ. මම හොඳ පිරිමියෙක්. පිරිමි ගණිකාවක් වෙලා නෑ කවදාවත්‘
මෙම ප්‍රකාශයට මැතිසබයේ බොහෝ දෙනෙක් සිනාසුණහ.‍
මේ අවස්ථාවේදී මැති සබය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
එම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad