'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්

'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්

සොරකම් කිරීම, කප්පම් ගැනීම ආදී චෝදනාවන්ට 'ආවා' කල්ලියේ යැයි කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැපිරීවීමට හවුල් බවට සාධාරණ සැකයක් නොමැතිව එම පනත යටතේ ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් පැමිණිලි 11ක් පමණ ලැබී ඇතැයි ද එම ආරංචි සඳහන් කර සිටී.

අදාළ සැකකරුවන් ත්‍රස්තවාදයකට සම්බන්ධ නැති බව නීතිය හා සාමය  ඇමැති සාගල රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති බවත්, එසේනම් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි සොයා බලන ලෙසත් පැමිණිලිකරුවන් කොමිසමෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරේ කාර්යාලයය සහ කොළඹ ප්‍රධාන කාර්යාලයය මගින් එම විමර්ශන පවත්වන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad