අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති අත්අඩංගුවට 

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති අත්අඩංගුවට 

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය  මුදල් අවභාවිතා කළැයි අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසුරිය මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මෙරටින් පිටවයාමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග පැවසී ය.

පසුව ජාලිය වික්‍රමසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment