නිරෝෂා මගේ බිරිදයි කියා ආ අයෙකුට හොදටම ගුටි දෙයි.. ‘ඒ පිස්සෙක් මාධ්‍යයට කියන්න බෑ’ නිරෝෂා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

නිරෝෂා මගේ බිරිදයි කියා ආ අයෙකුට හොදටම ගුටි දෙයි.. ‘ඒ පිස්සෙක් මාධ්‍යයට කියන්න බෑ’ නිරෝෂා කියයි..

ජනප‍්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී මහත්මිය තම බිරිද බව පවසමින් කදානේ පිහිටි ඇගේ නිවස අසලට පැමිණ ඇය හමුවීමට අවශ්‍ය බව කියූ පුද්ගලයෙකුට නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනකු විසින් පහර දුන්නේ යයි කදාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලීසියේ පැමිණිලි කිරීමෙන් පසු පහර කෑමට ලක්‌වූ එම පුද්ගලයා රාගම රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබාගෙන පසුය රෝහලින්ද අතුරුදන්ව ඇත.

නිරෝෂා විරාජිනී තම බිරිද බව පවසන මානසික රෝගියෙකු යයි කියන මෙම පුද්ගලයා ඇගේ නිවසට ගොස්‌ ඇය හමුවීමට උවමනා බව පැවසූ විට පහර දී ඇති බව සදහන්ය.

එම පහර දීමෙන් එකී පුද්ගලයා බේරා ගැනීමට පැමිණි අසල්වැසියෙකුටද නිවසේ සිටි අය විසින් පහර දී ඇති අතර ඒ පිලිබදවද පොලිසියට පැමිණිලි කර ඇත.

පොලීසිය පවසන්නේ වසර කිහිපයක් තිද්දේ මෙම පුද්ගලයා නිරෝෂා විරාජිනි තම බිරිඳ බව පවසමින් ඇයට කරදරකාරී වන ලෙස හැසිරී ඇති බවයි. එම පුද්ගලයා මානසික රෝගී පුද්ගලයෙකු බවද පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් නිරෝෂා විරාජිනී තියා සිටියේ ‘අපේ ගේ වටේ පිස්‌සෙක්‌ කැරකෙනවා. ඒක පරණ සිදුවීමක්. මාධ්‍යයට අදහස්‌ දෙන්න බෑ. පහර දීමක්‌ සිදු වුණේ නෑ’ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad