ජනවාරි 08 වමෙන් දකුණට ගිය මට ආපසු දකුණෙන් වමට එන එක සුළු දෙයක්.. අන්තිම රතුඑලිය ජනපති දල්වයි.. අගමැති කැළඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

ජනවාරි 08 වමෙන් දකුණට ගිය මට ආපසු දකුණෙන් වමට එන එක සුළු දෙයක්.. අන්තිම රතුඑලිය ජනපති දල්වයි.. අගමැති කැළඹේ..

ජනවරි 08 වැනිදා වමේ සිට දකුණට ගිය මට නැවතත් දකුණේ සිට වමට එන එක සුළු දෙයක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා කොළඹට කැදවා තිබූ ශ‍්‍රිලනිප ආසන හා දිස්ත‍්‍රික් නියෝජිතයින්ගේ හමුවේදීය.

තමන් එජාපයෙන් ගැලවී ශ‍්‍රීලනිපය හා ගන්නා ඉදිරි පියරක් සම්බන්ධයෙම් මේ හමුවේදී දැඩිව ඉගි කෙරී ඇත. නව පක්‍ෂය ගැනද අදහස් පල කරමින් ඔහු කියා ඇත්තේ තමන් පසුගිය ජනවාරි 08 වනදා කල පෙරලියට වඩා වැඩි පෙරලියක් ඉදිරියේදී සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ හමුවෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සිය බුද්ධි අංශ මෙහෙයුම් තවත් තීව‍්‍ර කරමින් සිදුවන දේශපාලන චලනයන් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad