ආප්ප, තේ රුපියල් 10 යහපාලන පාලන මිල අවසන්.. පිම්මේ ඉහල දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

ආප්ප, තේ රුපියල් 10 යහපාලන පාලන මිල අවසන්.. පිම්මේ ඉහල දමයි..

රජය විසින් ජල ගාස්තුව වැඩි කිරීම හේතුවෙන් රට පුරා සියළුම ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහල දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසන්නේ මේ යටතේ තේ කෝප්පයක මිල රුපියල් 5කින් හා කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහල දමන බවයි. එසේම සියළුම ආහාර වර්ගවල මිල ගණන්ද අවම වශයෙන් රුපියල් 10කින් ඉහල දමන බවද ශමු කියා සිටියේය.

2015 මාර්තු මාසයේදී පැවති දින සියයේ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යක් ලෙස සිදු කරනු ලැබුවේ ආප්ප, තේ, කිරිතේ සදහා පිලිවෙලින් රුපියල් 10,10,25ක් ලෙස උපරිම මිල සීමාවක් නියම කිරීමයි. මේ තත්වය මත එකී පාලන මිල ඉවත් වී සියළු මිල ගණන ඉහල යාමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad