කරුණා අම්මාන් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

කරුණා අම්මාන් අත්අඩංගුවට

කරුණා අම්මාන් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ දැනුම්දීමකට අනුව අද (29) පෙරවරුවේ එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියේය.

ඔහු එහි කැඳවා තිබුණේ රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. ඒ අනුව අදාළ චෝදනාව යටතේ ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad