දඩ මුදල් නැතිව වාහන අයිතිය පවරා ගැනීමේ සහන කාලය වෙනස් වෙයි (VIDEO)   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

දඩ මුදල් නැතිව වාහන අයිතිය පවරා ගැනීමේ සහන කාලය වෙනස් වෙයි (VIDEO)  

දඩ මුදල් නැතිව වාහන අයිතිය පවරා ගැනීමේ සහන කාලය වෙනස් වෙයි (VIDEO)  

විවෘත ලියකියවිලි මත පවත්වාගෙන යන වාහන ලියාපදිංචි කිරීම සඳහා ලබා දී ඇති සහන කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පවසයි.

මෙම සහන කාලය තුළ විශාල පිරිසක් වාහන ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර හෙට (30) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම හරහා මෙම කාලය දීර්ඝ කිරීම සිදු වේ. 

දඩ මුදලකින් තොරව අදාළ ලිපි ගොනු සම්පූර්ණ කිරීම සඳහා ලබා දී තිබූ මෙම සහන කාලය පසුගිය සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක වූ අතර එම කාලය හෙට (30)න් අවසන් වීමට නියමිතව තිබිණි.

මේ හේතුවෙන් මේ දිනවල මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් පිරී පවතින බව වාර්තාවේ.

මෝටර් රථ පනත අනුව මිලදී ගන්නා වාහනයක් දින 14 ක් ඇතුළත මිලදී ගන්නා පුද්ගලයාගේ නමින් ලියාපදිංචි කළ යුතු වුවද බොහෝ දෙනා විවෘත ලියකියවිලි මත වාහන තබා ගැනීමට පුරුදු වී තිබේ.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එය නීති විරෝධී බවයි.

නියමිත කාලයෙන් පසු සිදුකරනු ලබන පැවරුම් සදහා දඩ අය කෙරන අතර එම දඩ මුදල් අය කිරීමකින් තොරව පවරා ගැනීම් සිදු කිරීමට පසුගිය සැප්තැම්බර් 1 වැනිදා සිට මාස 3 ක සහන කාලයක් ලබාදී තිබිණි. 

No comments:

Post a Comment

Post Bottom Ad