කරුණා අම්මාන් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

කරුණා අම්මාන් අත්අඩංගුවට


හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ

විමර්ශන කොට්ඨාසය සිදුකළ දැනුම්දීමක් අනුව ඔහු අද(29) පෙරවරුවේ එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි බව වාර්තාවේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කැඳවා තිබුණි.

ඒ අනුව අදාළ චෝදනාව යටතේ ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad