උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ

උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ
8වැනි වරටත් සංවිධානය කරනු ලබන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ලබන ජනවාරි මස 27වැනිදා සිට 29දා දක්වා යාපනය නගර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
 
මෙම ප්‍රදර්ශනය "Gate to the North" නමින් නම් කොට ඇත.
 
දකුණු සහ උතුර යා කරන බද්ධ ව්‍යාපාර, හවුල්කාරීත්වයන් සහ විශාල ඇණවුම් සඳහා මෙම ප්‍රදර්ශනය හරහා මං විවර වනු ඇත.
 
ඉදිකිරීම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ආහාරපාන වර්ග සහ ඇසුරුම් කර්මාන්තය, ඔටෝමොබයිල් කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, මූල්‍ය සේවා, ඇගළුම් කර්මාන්තය, කෘෂිකාර්මික, වාණිජ භාණ්ඩ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රයන් නියෝජනය කරනු ලබන ආයතන මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වනු ඇත.
 
මෙවර ප්‍රදර්ශනය වෙළෙඳකුටි 300කින් පමණ සමන්විත වන අතර නිෂ්පාදන 1000කට වඩා වැඩි සංඛයාවක් සඳහා විශේෂ වට්ටම් ලබාගැනීමට ද හැකිවේ.
 
මෙම වෙළෙඳ සල්පිල යාපනය නගර සභාව, ශ්‍රී ලංකා සම්මේලන කර්යාංශය සහ ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලයේ සභාය ඇතිව වාණිජ සහ යාල්පානම් කර්මාන්ත මණ්ඩලය සමඟ එක්ව ලංකා ප්‍රදර්ශනය හා සම්මේලන සේවා සමාගම විසින් සංවිධානය කරයි. මේ සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශය, යාපනයේ ඉන්දියානු තානාපති හා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අනුග්‍රාහකත්වය දක්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad