මහින්ද චීනේ යන්න සැරසෙයි

මහින්ද චීනේ යන්න සැරසෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සඳහා ලබන 23 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

චීන රජය විසින් කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙම  සංචාරයේ නිරත වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

එම සංචාරයේදී චීන රජයේ ඉහළ පෙළේ නායකයින් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉකුත් වසරේ දී පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක කරන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment