ජනප්‍රිය නිළියක් අභිරහස් ලෙස මියයයි - වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

ජනප්‍රිය නිළියක් අභිරහස් ලෙස මියයයි - වීඩියෝ

සබර්නා ආනන්ද් Sabarna Anand නමැති දෙමළ නිළියක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. 29 හැවිරිදි වියේ පසුවු ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර මහල් නිවාසයක තනිව ජිවත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය ජීවත්වූ නිවසින් දැඩි දුගදක් දැනුනු නිසා අසල්වාසීන් ඒ ගැන පොලිසියට දැනුම්දී තිබෙනවා. පසුව පොලිසිය විසින් නිවසේ දොර කඩා ඇතුල්වී බැලීමේදී දැකගන්නට ලැබී තිබෙන්නේ දෙමළ නිළි සබර්නා ආනන්ද්ගේ නිරුවත් මළසිරුරයි.

ඇය වැටී සිටි තැන භාවිතා කරන ලද දුම්වැටි 12ක් පමණ සහ වීදුරු කිහිපයක් තිබුණු බවයි වාර්තා වන්නේ. මෙම මරණය ගැන සැකසිතූ පොලිසිය මෙය ඝාතනයක් බවට සැකකළත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෙය සියදිවි නසා ගැනීමක් ලෙස සොයාගෙන තිබෙනවා.

තම අත කපාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තමාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා බවයි පොලිසිය පවසා ඇත්තේ.ඇය දෙමළ ටෙලි නාට්‍ය මෙන්ම රූපවාහිනි වැඩසටහනක් කිහිපයකම නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇගේ මව්පියන් පවස්නේ තමන්ගේ දියණියගේ මරණය ගැන සැකසහිත බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad