පාපන්දු තරගයක් අතර අපුරු සිද්ධියක්..(වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

පාපන්දු තරගයක් අතර අපුරු සිද්ධියක්..(වීඩියෝ)

මෙරට තුළ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් තරම් පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය නැතත් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස සැලකෙන්නේ පාපන්දු ක්‍රීඩාව යි.

පාපන්දු ලෝලීන් එම ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩකයින්ට ද දක්වන්නේ දැඩි ගෞරවයක් සහ ආදරයක්. එමෙන්ම ක්‍රීජාවට ඇති ආදරය නිසාම ඇතැම් ක්‍රීඩකයින්ට වෛර කරන ක්‍රීඩා ලෝලීන් ද නැතුවා නොවෙයි. මෙනිසාම ඇතැම් ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා තරග අතරතුර පිටියට දිවගොස් සිය ජීවිතයේ ක්‍රීඩා වීරයින් සිප වැළඳගන්නා අවස්ථා ඇතැම් විට වාර්තා වෙනවා.


එමෙන්ම මෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත ද වාර්තා වෙන අවස්ථා තිබෙනවා.
එනම්, තමන් වෛර කරන ක්‍රීඩකයින්ට පහර දීමට පිටියට දිව එන ක්‍රීඩා ලෝලීන් ද ඉඳහිට වාර්තා වෙනවා. මේ දෙපාර්ශවයටම අදාළ නොවන හුදෙක් ප්‍රසිද්ධිය සහ අවධානය ලබා ගැනීමට ක්‍රීඩා පිටියට දිව එන පිරිස් ද සිටිනවා.


ඇතැමුන් අඩනිරුවතින් පිටියට දිව එන අතර තවත් දෙනා පැමිණෙන්නේ සම්පූර්ණයෙන් නිර්වස්ත්‍රව යි. මෙවැන්නන් අතර කාන්තාවන් ද සිටිනවා.


කැමරාවෙහි සටහන් වූ එවන් අවස්ථා කිහිපයක් ඇතුලත් වීඩියෝවක් පහතින් නරඹන්න.....


 

No comments:

Post a Comment

Post Bottom Ad