විජේදාසට පයින් ගහලා දොට්ට දානවා……කප්පම් හල්ලොලුවට මරු විකල් වෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

විජේදාසට පයින් ගහලා දොට්ට දානවා……කප්පම් හල්ලොලුවට මරු විකල් වෙයි…

ලංකා ඊ නිවුස් කතෘ සඳරුවන් සේනාධීර ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කිරිමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගත් තින්දුවත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කිරිමත් සමග මරු විකල් වි සිටින Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අධිකරණ අමාත්‍යවරයාට බැණ වදිමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

අද සවස කප්පම් තුසිතගේ සමිපතම මිතුරෙකු අමතා පවසා ඇත්තේ අගමැතිවරයාගේ කීමට අධිකරණ අමාත්‍යවරයා ඇතුලු සිරිසේන කල්ලිය ලංකා ඊ නිවුස් වසා දැමිම සදහා කුමන්ත්‍රණය කරමින් සිටින බවත් සදරුවන් අල්ලන මුවාවෙන් තමන් අල්ලා ගැනිමට කටයුතු කරමින් සිටින බවටද චොදනා කර තිබේ.”විජේදාස දන්නේ නෑ මම කවුද කියලා….. විජේදාසට පයින් ගහලා දොට්ට දානවා…… ” යනුවෙන් ද පවසා තිබේ.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හරහා එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර පහරදිම සදහා මෙහෙයුමක් ඉතාම සියුම්ව ක්‍රියාත්මක කරමින් සිටි අතර වත්මන් ජාතික ආණ්ඩුවේ නව අගමැති ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය වන චතුරිකා සිරිසේන මෙහෙයුමක් දියත් කර තිබේන බව අප පසුගියිදා අනාවරණය කළා.

නොවරදින වාර්තාකරණය කියවන්න –රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න

පසුගියදා තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) රැගෙන ඉන්දියාවේ චෙන්නායි දක්වා ගොස් ඇත්තේ මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් පවත්වාගෙන යන් ECTA වර්ගයේ ගණිකා නිවාසයේ ඉන්දියානු ගණිකාවන්ගේ මුදල් බව අනාවරණය වි තිබේ.

නොවරදින වාර්තාකරණය කියවන්න –රවී,තුසිත,රාම්,ෆාරුක් සහ කන්දවන්තේ ගොන් පොට් එක…

ලංකා ඊ නිවුස් සමග වත්මන් ජනාධිපතිවරාගේ ගැටුම ආරම්භ වන්නේ ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් ඇතුළුව ඊට අනුබද්ධ සමාගම් 3 ක සභාපති ධූරය දරණ මෛත්‍රීගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන ඉලක්ක කර මංගල සහ ඔහුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශකයෙකු මෙන්ම එවකට මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තුසිත හල්ඔලුව එක්ව ඊ නිවුස් හරහා දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කිරිමත් සමගයි.|

නොවරදින වාර්තාකරණය කියවන්න – අගමැති කම ගන්න මංගල මගේ සහෝදරයන්ට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

කුමාර සිරිසේන ටෙලිකොම් සභාපති තනතුරෙන් පැන්නීම සඳහා හල්ලොළුව ඇතුළු පිරිස විසින් සිදුකළ කුමන්ත්‍රණය අතේ මාට්ටු විමත් සමග කප්පම් තුසිත ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමෙන් දොට්ට දැමුවා.

නොවරදින වාර්තාකරණය කියවන්න – අතේ පත්තුවුනු හල්ලොළුවගේ ටෙලිකොම් කුමන්ත්‍රණය

යෝෂිතට ඇප දෙන්නැයි එජාප ප්‍රබල ඇමැතියෙකු විනිසුරුට බලපෑම් කරලා..! යනුවෙන් ලංකා ඊ නිවුස් අද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉලක්ක කර මඩ පුවත්ක පලකිරිම සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ අද මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරියේම ලංකා ඊ නිවුස් කතෘ හැටියට පෙනී සිටින සදරුවන් සේනාධිරට ස්පිකර් ඔන් කරමින් දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදි තිබේන බව අප විශේෂ වාර්තාකරු 2015 පෙබරවාරි 05 වැනිදා අනාවරණය කළා.

නොවරදින වාර්තාකරණය කියවන්න – විජේදාසට මලපනී -සදරුවන්ට කුණු බැනුම්,නිවුස් එක ලිව්වේ තුසිත හල්ලොලූව ගඳයා පාවාදෙයි

ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් තුසිත හල්ඔලුව එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය තිරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය දිනවල එම වෙබි අඩව්යේ ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන සම්බන්දයෙන් හා රාජ්‍ය රහස් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ලබා දී ඇත්තේ තුසිත හල්ඔලුව බවට මේ වනවිට අනාවරණය වි ඇති අතර එකට ඉදිමින් ආණ්ඩුවේම වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුවටම සහ ජනාධිපතිවරයා සහ පවුල ඉලක්ක කර මඩගැසිම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරීමෙන් පසු තුසිත හල්ඔලුවගෙන් ප්‍රශ්න කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

නොවරදින වාර්තාකරණය කියවන්න – සිරිසේනලාට මඩ ගැසු තුසිත හල්ඔලුව අල්ලන්න CID පරික්ෂණ-සිරිසේන,E නිවුස් මධුසමය නිමයි

යහපාලනය නැමති බෙදුම්වාදී ජාත්‍යන්තර රූකඩ ආණ්ඩුව පත්කර ගැනිම සදහා වසර ගණනාවක් ප්‍රගතිශීලි මෙන්ම රටේ ජනතාවගේ විශ්වාසය දිනු රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීටිම සදහා එවකට විපක්ෂය සහ ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍යවරුන් රැසකගේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක මුදල් වෙනුවෙන් මඩ පිට මඩ ගසමින් රාජපක්ෂලා එලවා දැමිම සදහා මඩ පිට මඩ ගෑසු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වෙනුවෙන් අද පෙනී සිටින්නට කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් වත් නැත.

රටක් රජකල රාජ්‍ය නායකයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර කප්පම් මුදල් ගනිමින් මඩ ගැසූ සදරුවන්ගේ සහයට අද කිසිවෙකුත් නැත….එය දෛවයේ සරදමකි…

සඳරුවන් වැරදියි; ඒත් මේ මොහොතේ මා සඳරුවන් වෙනුවෙන් පෙනී සිටිමි.

ජනාධිපති සම්බන්ධීකරන ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක තැබු සටහනක් පහත දැක්වේ ….

සඳරුවන් සේනාධීර නැමැති මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ පවරන ලද නඩුවක් මත (නඩුවේ ස්වභාවය අප නොදනී) ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇති බවත් ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බවත් අද දෙරණ කෙටි පණිවුඩ සේවය වාර්තා කර තිබුණි. ජාත්‍යන්තර අධිකරණ කලාපයක සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් ඔහු තවත් රටකට උද්ධර්පණය කිරීමත් (Excitation) සංකීර්ණ ක්‍රියාවලියකි. එය අප සිතූ පැතූ පරිදී සිදු නොවන්නකි. එම නිසා මෙම නඩුව මෙහෙය වූයේ කවුරුන් වුවද ඔවුන්ට ඇත්තේ මාධ්‍ය සංදර්ශනයක වාසිය පමණක් බව මාගේ වැටහීමයි. 

සඳරුවන්ගේ වෙබ් මාධ්‍ය කලාව පිළිබඳව මට කිසිඳු පැහැදීමක් නැත. ඔහු ජනමාධ්‍ය ආචාරධර්ම ද, ජනමාධ්‍යවේදියාගේ වෘත්තිමයභාවය ද අමු අමුවේ කෙලෙසමින් පුද්ගලයෙකුගේ ආත්ම ගෞරවය, විනාශ කර දැමීමට තම මාධ්‍ය, කලාව යොදා ගත්තේය. එසේම ඇතමුන් පවසන්නේ ඔහුගේ මාධ්‍ය කලාව පෞද්ගලික හෝ දේශපාලනික වාසි ඉලක්කකොට ගෙන භාවිත කරන බවයි.

පෞද්ගලිකව ගත් කල ඔහුගේ මාධ්‍ය කලාව හේතුවෙන් මා හට ද අපමණ අපහාසාත්මක සහ පදනම් විරහිත චෝදනා එල්ල කර තිබුණේය. නිසා එම සඳරුවන්ගේ මාධ්යල කලාවේ ඝෝරීභාවය මා විසින් හොඳාකාරවම අත්දැක ඇත්තෙමු. මේ සියලු දේ කිරීමට ඔහු යොදාගත් නිදහසට කරුණ වූයේ, රාජපක්ෂ විරෝධයයි. රාජපක්ෂ විරෝධය හරහා ඔහු පුද්ගලයන්ගේ නිදහස, ගෞරවය, අභිමානය බල්ලාට දැමීමට කටයුතු කරයි. එමනිසා එම මාධ්‍යකරණය අප පිළිකුලෙකන් යුතුව හෙළා දකිමු.

ඒ කෙසේ නමුත් සඳරුවන් සේනාධීරට, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හරහා අටවන්නට යන මේ කෙමනයට මා එකහෙළා විරුද්ධවෙමි. සඳරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය නම් පැවරිය යුත්තේ දිසා අධිකරණයක ඉදිරියේ අපහස නීතිය පදනම් කරගෙනය. ඒ සඳහා සඳරුවන් ලංකාවට පැමිණිය යුතුය. ඔහු ලංකාවට ගෙන්වා ගත යුත්තේ සිවිල් වරෙන්තුවක් හරහා මිස අපරාධ වරෙන්තුවක් හරහා නොවේ. 

මක් නිසාද යත් ඔහුගේ වෙබ් අඩෙවිය හරහා දිගින් දිගටම උල්ලංඝෙණය කරන්නේ පුද්ගලයෙකුගේ කීර්ති නාමයයි. එය සිවිල් වරදකි. අපරාධ වරදක් නොවේ. අපරාධමය අපහාසය (Criminal Defamation) අප නීති පොතෙන් ඉවත් කරන ලද්දකි. එය නැවතත් පෑල දොරින් ගෙන ඒමට තැත් කිරීම හෝ වෙනත් අපරාධී වගකීමක් ඒ හරහා මතු කර ගැනීම සිවිල් අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසය තබන ජනතාව පිළිගත්නේ නැත. එමනිසා අධිකරණයකින් ලබාදී ඇතැයි කියන මෙම නියෝගයට ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් වැටබඳින්නක් බව මම විශ්වාස කරමි


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad