'තවුහිද් ජමාත්' ලේකම් බන්ධනාගරයට

'තවුහිද් ජමාත්' ලේකම් බන්ධනාගරයට

බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි 'තවුහිද් ජමාත්' සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (16) නියෝග කළේය.

පසුගිය 03 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ ප්‍රදීපා මාවතේ තව්හිද් ජමාද් සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂණයකදී බුදු දහමට අපහාස වන ලෙස සහ ආගමිකයින් කුපිත වන ලෙස අදහස් ප්‍රකාශ කළ අබ්දුල් රාසික් රෆයිඩීන් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ මාලිගාවත්ත පොලිසිය විසිනි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment