ලසන්ත ඝාතනයට හවුල් කාරයාගේ චිත්‍රය නැවත ප්‍රසිද්ධ කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

ලසන්ත ඝාතනයට හවුල් කාරයාගේ චිත්‍රය නැවත ප්‍රසිද්ධ කෙරේ

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන පරීක්ෂණයට අදාළව  සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීම සඳහා  පසුගිය පෙබරවාරි මාසයේ පොලිසිය විසින් මහජන සහායපතා නිකුත් කළ චිත්‍ර දෙකින් එකක් නැවත ප්‍රසිද්ධ කර ඔහුව සොයා ගැනීමට මහජන සහාය පතා ඇත.

පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව ඝාතනයට සැක කරන පුද්ගලයකුගේ මෙම ඡායාරූපයපොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පීන් මාර්ගයෙන් සිතුවමට නගා ඇති බවය.

වයස අවුරුදු 35ක් පමණ පෙනුමැති, අදාල පුද්ගලයාගේ උස අඩි 05යි අඟල් 08ක් පමණ වන අතර ඔහුට දුඹුරු පැහැති දිගටි ඇස් ඇති බව ද පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

මින් ඉහත මෙම චිත්‍රය සමග තවත් අයෙකුගේ චිත්‍රයක් ප්‍රකට කළ අතර එම පුද්ගලයාට සමාන අයෙකු පසුගියදා සියදිවි නසාගත්තේය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දන්නේ නම් 011- 242 2176, 011-2380380, 071-8305528, 071-8349505, 077-3291500 හා 071-8070207 යන දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් පොලිස් මුලස්ථානය ඉල්ලා සිටි. 

No comments:

Post a Comment

Post Bottom Ad