“අපිට ඉහළින් යන්න කවුරුත් දඟලන්න එපා” – මහනුවර විදුහලේ සිසුවාට පහර දුන් මැරයන්ගෙන් ප්‍රසිද්ධියේ තර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

“අපිට ඉහළින් යන්න කවුරුත් දඟලන්න එපා” – මහනුවර විදුහලේ සිසුවාට පහර දුන් මැරයන්ගෙන් ප්‍රසිද්ධියේ තර්ජනයක්

මහනුවර විදුහලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට පහරදෙන වීඩියෝවක් පසුගියදා පි ඔබ වෙත ඉදිරිපත් කළා. මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය වෙත සියලු තොරතුරු වාර්තා වී තිබෙනවා.

පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කර දමා රස්‌තියාදු ගහන තරුණයකුගේ පෙනුමට සමාන පෙනුමක් ඇති සිසුවෙකු මෙම සිදුවීමේ පසුපස සිටී.

ඔහු පාසල තුළ දඩබ්බරයෙකි.

පසුගිය සතියේ එක්‌ දිනක මෙම සිසුවා  පාසල නිමවී නිවසට පැමිණියේ ඉමහත් කේන්තියකිනි. පාසල් බෑගය පසෙකට වීසිකර දැමූ ඔහු කෙළින්ම තම සහෝදරයකු මුණගැසී පැවසුවේ “අයියේ මට ආයි ඉස්‌කෝලේ යන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා තියෙන්නේ…” යනුවෙනුයි.

“ඇයි මල්ලි මොකක්‌ද අවුල”

“දවස්‌ ගානක ඉඳන් ශිෂ්‍ය නායකයෙක් මගේ කොණ්‌ඩෙ කපන්න කියනවා. බේරෙන්නම බැහැ. සර්ලට නැති කැක්‌කුමක්‌ ඌට තියෙන්නෙ. අදත් මට කිව්වා හෙට එනකොට අනිවාර්යෙන්ම කොණ්‌ඩෙ කපන් එන්න කියලා.”

“ඉතින් උඹ මොකද කිව්වේ”

“අයියා දන්නවනෙ… මම මේ කට්‌ එකට ආසයි කියලා. ඒක නිසා මට කොණ්‌ඩෙ කපන්න නම් බැහැ අයියේ….”

“උඹ පැත්තකට වෙලා හිටපන්. මම බලා ගන්නම් ඌ ගැන. මට ඌගෙ නම කියපන්? අපිට පාට්‌ දාන්න කාටවත් ඉඩ දෙන්න බැහැ, මේ බජාර් එකේ.”

මෙම දඩබ්බර සිසුවාට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. ඔවුහු රැකියාවක්‌ නොකළ අතර පාසල් අධ්‍යාපනය අවසන් කර වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරුවන්ය.

එයට අමතරව නුවර නගරයේ රස්‌තියාදු ගැසීමද ඔවුන්ගේ ජීවිතයේ එක්‌ අංගයකි.

එලෙස රස්‌තියාදු ගහන මොහොතක සමීරගේ වැඩිමහල් අයියා යහළුවන්ට මෙලෙස සඳහන් කර තිබෙනවා.

“මචං මාර වැඩක්‌ වෙලා තියෙන්නේ… අපේ පොඩි මල්ලිගේ කොණ්‌ඩෙ කපන්න කියලා ශිෂ්‍ය නායකයෙක් කියලා තියෙනවා. ඌ ඉන්නේ ඒකට මාර අවුලෙන්…”

“ඇයි බං ඕක කලින් නොකිව්වෙ අපිට” එක්‌වරම යහළුවෙක්‌ ඇසුවේය.

“මචන් ඌ කිව්වෙ ඊයෙ. මූට ඉක්‌මනටම ගේමක්‌ දෙන්න ඕන. නැත්නම් අපි සවුත්තු වෙනවා…”

“එහෙනම් අපි හෙට ඉස්‌කෝලෙ ඇතුළටම ගිහිල්ලා ඕකට ගහමු. අපි නොදන්න තැනක්‌ නොවෙයිනෙ. කාලයක්‌ ඇවිත් ගිය තැන නෙ…”

“එහෙම ගිහිල්ලා ගහන එක අනතුරුදායකයි” තවකෙක්‌ කීය.

“ඒකත් ඇත්ත. එහෙනම් අපි ඉස්‌කෝලෙ ඇරිලා ඌ ගේට්‌ටුවෙන් එළියට එනකොටම ගහමු”

“ඒක හොඳ අදහස. එතකොට වටේ පිටේ ඉන්න අයත් දැන ගනියි අපේ තරම. හෙටම වැඩේ කරලා දාමු” සමීරගේ වැඩිමහල් සහෝදරයා පැවසුවේය.

එලෙස කතා කරගත් පරිදි පසුදිනම ශිෂ්‍ය නායකයාට පහරදීමට ඔවුන් තීරණය කළ අතර පාසල් පැමිණි ඔවුන්ගේ සොහොයුරා තම යහළුවන්ට “බලපන් අර පණ්‌ඩිතයාට අද වෙන දේ” කියා පුරසාරම් දොඩා තිබෙනවා.

ශිෂ්‍ය නායකයා පාසල අවසන් වී නිවස බලා යෑමට පාසල් ගේට්‌ටුවෙන් එළියට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරදෙන අවස්‌ථාවේ පාසලේ මුරකරු මෙන්ම හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමක්‌ ඇඳගත් පුද්ගලයෙකුත් සිටි අතර ඔවුන් කිසිදෙයක්‌ නොවුණ ගානට සිටි බවයි පැවසෙන්නේ.

ඇති වෙනකම් පහරදුන් එම පිරිස එම ස්‌ථානයෙන් පැන ගොස් ඇත්තේ “අපිට ඉහළින් යන්න කවුරුත් දඟලන්න එපා. එහෙම වුණොත් කරන්නේ මෙහෙමයි” යනුවෙන් පවසමින්.


No comments:

Post a Comment

Post Bottom Ad