පාර්ලිමේන්තුව මැති ඇමැතිවරුන්ගේ ඇඟිලි සලකුණු ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

පාර්ලිමේන්තුව මැති ඇමැතිවරුන්ගේ ඇඟිලි සලකුණු ගනී

පාර්ලිමේන්තුව මැති ඇමැතිවරුන්ගේ ඇඟිලි සලකුණු ගනී

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් ඇතුළු සියලුම දෙනාගේ ඇඟිලි සලකුණු පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබා දෙන ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (11) මැතිසබයට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු සභා ගැබ තුළ නව සම්මන්ත්‍රණ පද්ධතියක්‌ සවිකර තිබීමත් ඊට සමගාමීව විද්යුත් ක්‍රමයට මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීමේ පද්ධතියක්‌ සවිකර තිබීමත් ඊට හේතුවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී මන්ත්‍රීවරුන්ට තම ඇඟිලි සලකුණු යොදා ජන්දය පාවිච්චි කිරීම සඳහා මෙම නව විද්යුත් ජන්ද විමසීමේ පද්ධතීන් සවිකර ඇත.

නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා සියලු මැති ඇමැතිවරුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම අවශ්‍ය බැවින් මහලේකම්වරයාට ඒ සඳහා සහාය ලබා දෙන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad