සිසුන්ට ගුරුවරුන්ට ටැබ් ලබාදීම ජනවාරියේ සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

සිසුන්ට ගුරුවරුන්ට ටැබ් ලබාදීම ජනවාරියේ සිට

සිසුන්ට ගුරුවරුන්ට ටැබ් ලබාදීම ජනවාරියේ සිට

නව අයවැය යෝජනා අනුව උසස්‌ පෙළ පාසල් සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ටැබ් පරිගණක දෙලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ පාසල් වෙත ලබාදීමට සිදුවන අතර එය ලබන ජනවාරි මාසයේ සිටම ලබාදීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සියලුම පාසල්වල උසස්‌ පෙළ සිසුන් එක්‌ලක්‌ෂ හත්තෑපන්දහසකට සහ ගුරුවරුන් විසිඅටදහසකට ටැබ් පරිගණක පිරිනැමෙන අතර ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබන දෙසැම්බර් මාසයේ සිටම ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි එම ආරංචි මාර්ග කියාසිටී.

නිල ඇඳුම් සහ පෙළපොත්වලට අමතරව පාසල් සිසුන් සඳහා නොමිලේ සැපයෙන මෙම ටැබ් පරිගණක ලබාදීම දකුණු ආසියාතික රටක්‌ විසින් සිදුකරනු ලබන ප්‍රථම අවස්‌ථාව මෙය ලෙස සැලකෙන බව ද එම ආරංචි වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad