ජාතික රෝහලේ හෘද රෝගීන් මියයාමට හේතු වූවායැයි සැක කෙරෙන ඩයි වර්ගයක් තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

ජාතික රෝහලේ හෘද රෝගීන් මියයාමට හේතු වූවායැයි සැක කෙරෙන ඩයි වර්ගයක් තහනම්

ජාතික රෝහලේ හෘද රෝගීන් මියයාමට හේතු වූවායැයි සැක කෙරෙන ඩයි වර්ගයක් තහනම්

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28වැනිදා හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. 

ඒ අනුව හෘද රෝග සැත්කම සදහා භාවිතා කරන මෙම ඩයි වර්ගය පිළිබදව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

මෙම ඩයි වර්ගය සහිත එන්නත උතුරු කොළඹ, ජාතික රෝහල, මොණරාගල, යාපනය, කරාපිටිය, දකුණූ කොළඹ, බදුල්ල, කුරුණෑගල, කළුතර සහ පේරාදෙනිය යන රෝහල්වලට නිකුත් කර ඇත. එම රෝහල් ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබේ. මෙම ඩයි වර්ගය සහිත එන්නත යුරෝපා රටවලින් ආනයනය කරනු ලබයි. 

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම්වලට ලක් කළ රෝගීන් මියයාම පිළිබදව සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල පරික්ෂණ කණ්ඩායමක් ද පත් කර  තිබේ. 

එම පරික්ෂණ කණ්ඩායමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය  ලක්ෂ්මි සී. සෝමතුංග මහත්මිය. අධ්‍යක්ෂ (රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා එම කමිටුවට ඇතුලත් වෙයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad