අය වැයෙන් වාහන මිල අඩු වැඩි වෙන හැටි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

අය වැයෙන් වාහන මිල අඩු වැඩි වෙන හැටි මෙන්න

අය වැයෙන් වාහන මිල අඩු වැඩි වෙන හැටි මෙන්න
2017 අය වැයෙන් ඇතැම් වාහනවල මිල අඩු වැඩිවීමක් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පවසයි.
බදු ප්‍රතිශතය අඩු වැඩිවීම මත මෙය සිදුවන බවත් ඒ අනූව මරුටි වැනි රථයක මිල රුපියල් ලක්ෂ 2කින් පමණ වැඩි විය හැකි බවත්, ලිෆ් රථවල මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවිය හැකි බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

එසේම එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා හයිබ්‍රිඩ් වාහනවල මිල අඩු වැඩිවීමක් නොවනු ඇතැයිද ඔහු පැවසී ය.
තවද වෑන්, ලොරි, ටිපර්, ඩබල් කැබ් වැනි වාහනවලද මිල අඩුවැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත්, ත්‍රීවිලරයක බදු මුදල රුපියල් 50,000කින් පමණ වැඩි කර ඇති බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad