මෙවර අයවැයෙන් මහින්දට උදව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

මෙවර අයවැයෙන් මහින්දට උදව්වක්

මෙවර අයවැයෙන් මහින්දට උදව්වක්
මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

2017 වසර සඳහා රජය විසින් ඊයේ(10) ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"සමුපකාරයටත් බදු අයකරගෙන, ඉතිං ඊට වඩා කතා කරන්න දෙයක් නැහැනෙ" යනුවෙන් පැවසූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම යෝජනා ක්‍රියාත්මක වන විට ජනතාවට එය දැනෙනු ඇති බවය.

මුදල් ඇමතිවරයා 'යන්නේ කොහේදැයි නොදැන' ක්‍රියාකරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, මුදල් ඇමතිවරයා ආණ්ඩුවට 'ලණුවක්' දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වා ඇතැයිද පැවසීය.

අයවැයට එරෙහිව ඡන්දය දෙන බවද යම් හෙයකින් එය පරාජය කිරීමට නොහැකි වුවත් ජනතාව එයට නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad