අන්තර්ජාල ගාස්තුවට, සිම් කාඩ්පතට අයවැයෙන් පසු වෙනදේ මෙන්න

අන්තර්ජාල ගාස්තුවට, සිම් කාඩ්පතට අයවැයෙන් පසු වෙනදේ මෙන්න
අනෙකුත් විදුලි සංදේශ සේවාවලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට 2017 අයවැය මගින් යෝජනා කර තිබේ.
ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

රටේ ඩිජිටල්කරණ ක‍්‍රියාවලියට දායක වීම සඳහා, සියලූ ජංගම දුරකථන ක‍්‍රියාකරුවන් හට අවම වශයෙන 3G ආවරණය සැපයීමට හැකිවන පරිදි ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කරගැනීමට මාස 6ක කාලසීමාවක් ලබා දෙනු බවද එම යෝජනාවෙහි දැක්වෙයි.

අදාළ මෙම කාලසීමාව තුළ මෙය ක‍්‍ර‍්‍රියාත්මක කිරිමට අපොහොසත් වන ක‍්‍රියාකරුවන් හට දිස්ත‍්‍රික්කයකට රු.මිලියන 100 ක් බැගින් වු දඩ මුදලක් අය කරනු ලැබේ. 
2018 ජුනි මස 30 වන විට සියලූ නාගරික කලාප 4 G සඳහා පරිවර්තනය කිරීම අවශ්‍ය වන බවද අයවැය යෝජනාවන්හි සඳහන්ය.
වංචා සහ සාපරාධි ක‍්‍රියා සඳහා තාවකාලිකව ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කිරීම අධෛර්ය කිරීමේ අපේක්ෂාවෙන් සිම් කාඞ්පතක් ක‍්‍රියාත්මක කිරීමේ ගාස්තුව ලෙස රු. 200 ක් අය කිරීමටද මෙවර යෝජනා කර තිබේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment