පුද්ගලික අංශයට සති අන්තයේ දින දෙකම නිවාඩු - රාජ්‍ය අංශයේ සේවා ආරම්භක වේලාව නම්‍යශීලී වන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

පුද්ගලික අංශයට සති අන්තයේ දින දෙකම නිවාඩු - රාජ්‍ය අංශයේ සේවා ආරම්භක වේලාව නම්‍යශීලී වන ලකුණු


පුද්ගලික අංශයට සති අන්තයේ දින දෙකම නිවාඩු
රාජ්‍ය අංශයේ සේවා ආරම්භක වේලාව නම්‍යශීලී වන ලකුණු

ඉදිරියේදී රජයේ සහ පුද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි හෙළි කරනවා.

මේ දක්වා බොහෝ පුද්ගලික සේවා ස්ථානවල සති අන්තයේ නිවාඩු ලබාදී මේදී සෙනසුරාදා වරුවක් වැඩ කළ යුතුය යන කොන්දේසිය රජය මැදිහත්වී වෙනස් කරන්නට නියමිත අතර සේවකයන්ට බලපාන නීතිරීති අනුව සතියේ දිනවල සතියට පැය 45 ක් ශ්‍රමය ලබාගෙන සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දෙකම නිවාඩු ලබාදීමේ ක්‍රමයක් ලෙස එය වෙනස් කරන්නට නියමිතය.

මේ අතර පසුගිය දිනවල රජයේ කාර්යාල වේලාව ගැනද යම් යම් සංශෝධන සාකච්ඡාවට බ‍ඳුන් විය. කොළඹ හා තදාසන්න නගරවල


උදෑසන පවතින අධික මාර්ග තදබදය හේතුකොට රජයේ කාර්යාල වැඩ නිසි පරිදි ආරම්භ කිරීමේ ගැටලු පැනනැගී තිබීමත් පමාවන සේවකයන් නිසා ශ්‍ර්මය අපතේයාම අධික වීමත් නිසා නම්‍යශීලී වේලාවක් රජයේ සේවකයින්ගේ සේවා ආරම්භය සඳහා ලබාදෙන්නට යෝජනා වී තිබේ.

ඒ අනුව උදේ 10 දක්වා කැමති වේලාවක රජයේ සේවකයින්ට කාර්යාලයට වාර්තා කිරීමට හැකි වන අතර උපරිම 10 වේලාවට පැමිණෙන සේවකයා සිය දෛනික සේවා කාලය වන පැය 8 සම්පූර්ණ කර සවස 6 දක්වා රැඳී සිට සේවය අවසන් කිරීම එම යෝජනාවයි.

කෙසේ වෙතත් මෙම සේවා හමාරකිරීමේ ක්‍රමවේදය ඇතැම් කාර්යාල සේවාවන් සඳහා ප්‍රායෝගික නොවීම මත මේ ගැන කොන්දේසි සහිතව සලකා බලන්නට නියමිත බවදච වාර්තාවේ. කෙසේ නමුත් රජයේ සේවකයන්ගෙන් සතියකට පැය 40 උපරිම සේවාවක් ලබාගැනීම රජයේ අපේක්ෂාව වන බවද වාර්තා විය.

මීට අමතරව සිදු කරන්නට යන සංශෝධන අතර රජයේ කොන්ත්‍රාත් පදනමේ සේවකයන්ගේ අවම සේවා යෙදවුම් කාලය මාස 6 සිට අවුරුද්ද දක්වා දීර්ඝ කරන්නට නියමිතය. ලබන වසරේ සිට රජයේ කාර්යාල ආරක්ෂක,පිරිසිඳු කිරීම්,ආපන ශාලා සහ ප්‍රවාහන අංශ වල සේවකයන් නිශ්චිත ගණනකට සීමා පැනවීමේ චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad