හමුදාවට යන්න ඉන්ටවිව් ෆේල් වුණු දුකට තරුණයා ගෙල වැලලාගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

හමුදාවට යන්න ඉන්ටවිව් ෆේල් වුණු දුකට තරුණයා ගෙල වැලලාගෙන

යුද හමුදාවට බැඳීමට ඉල්ලුම් කොට එම සම්මුඛ පරික්‍ෂණයෙන් අසමත්ව සිත් වේදනාවට පත්ව කාලය ගත කළ තරුණයකු ගෙල වැලලා ගැනීමෙන් මරණයට පත්වූ පුවතක් තලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් කහඹිලියාව ගම්මානයෙන් වාර්තා වෙයි.

පසුගිය 12 වැනිදා මෙලෙස මරණයට පත්ව ඇත්තේ කහඹිලියාව ගම්මානයේ පදිංචිව සිටි ගන්නිලේගෙදර සමිත් කුමාර නමැති වයස අවුරුදු 19ක තරුණයෙකි.

මියගිය තරුණයාගේ පියා ඔවුන් කුඩා කල මියගොස් ඇති අතර පියාගේ අභාවයෙන් පසු මව දරුවන් හැර දමා වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති බවත් මිය ගිය තරුණයා හා ඔහුගේ බාල සහෝදරයා ඔවුන්ගේ මිත්තණිය හා ආබාධිත නැන්දණියගේ රැකවරණය යටතේ කාලය ගත කොට ඇති බවත් මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පාසල් අධ්‍යාපනයෙන් පසු විවිධ රැකියා කරමින් සිටි මේ තරුණයා පසුගිය දිනෙක යුද හමුදාවට බැඳීමට තීරණය කර සහභාගි වූ සම්මුඛ පරීක්‍ෂණයෙන් අසමත්ව සිත් වේදනාවෙන් කාලය ගත කොට. පසුගියදා ගෙල වැලලාගෙන ඇත. මරණය ගෙල වැලලා ගැනීමෙන් සිදුව ඇති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බව තලාතුඔය පොලිසිය සඳහන් කරයි.


හේවාහැට - අසංග චම්පික

No comments:

Post a Comment

Post Bottom Ad