ලේක්හවුසිය අනියම් පේ‍්‍රම තටාකයක් වෙයි.. සියළු පෙම් රහස් ජනපතිට ලිඛිතව දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

ලේක්හවුසිය අනියම් පේ‍්‍රම තටාකයක් වෙයි.. සියළු පෙම් රහස් ජනපතිට ලිඛිතව දන්වයි..

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වර්තමානයේදී මුහුණ දෙමින් සිටින කණගාටුදයක තත්ත්වය ගැන දැනුවත් කරමින් එහි සේවකයින් පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සවිස්තරාත්වම ලිපියක් යවා තිබේ.

මාධ්‍ය වෙතද පිටපත් යොමු කර ඇති එම සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්‍යාලය,
කොළඹ 01,

ගරු ජනාධිපතිතුමනි,

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම  වර්තමානයේදී මුහුණ දෙමින් සිටින කණගාටුදයක තත්ත්වය ගැන කෙරෙන දැනුම්දීමයි

ලේක්වුස් අයතනයේ ස්ථීර සේවකයන් වන අපි එම ආයතනයට ආදරය කරනුයේ දේශපාලන පක්ෂ බේදයකින් තොරවය.එහෙයින් ආයතනය තුල සිදුවෙමින් පවතින කාර්යයන් කෙරෙහි  ඉවසිල්ලේ බලමින් සිට බැරිම තැන මෙම ලිපිය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නට සිතුනු බව අප දන්වන්නේ  කනගාටුවෙන් යුතුවය.

මේ ගැන ගරු අගමැතිතුමාටද දන්වන්නට අප සිතුවද මෙම ලිපිය එතුමා අතට පත්වීමට තිබෙන ඉඩකඩ බොහෝ අවම බව අපට සිතෙන්නෙ මේ සිදුවන බොහෝ දැ සිදු කරනුයේ එතුමාගේ අනුදැනුම මත සිදුවන බවට කෙරෙන ප්‍රකාශයන් නිසාය. එහෙත් අගමැතිතුමා මේ කිසිවක් නොදන්නා බව නම් අපට හොදටම විශ්වාසය.

ඇත්තෙන්ම නව අධ්‍යක්ෂක මණ්ඩලය පත්ව ආ මුල් මාස කිහිපය, ඔවුන් අනුගමනය ක්‍රියාමාර්ගයන් ගැන සේවකයන් ලෙස අපතුල ඔවුන් කෙරෙහි ගෞරවයක් ඇතිවූ බව නම් කිව යුතුමය. ඒ එවකට සභාපතිධුරය දැරූ බන්දුල පද්ම කුමාර මහතා අනුගමනය කළ දරදඬු ක්‍රියාකලාපයට සාපේක්ෂවය.ඒ අනුවය.

කෙසේ වෙතත් ගෙවී ගිය වසරකට ආසන්න කාලයක් නව අධ්‍යක්ෂක මණ්ඩලය කෙරෙහි අප තබා තිබූ විශ්වාසය සහ ගෞරවය පළුදුවන ආකාරයෙන්  දැන් දැන් කටයුතු සිදුවෙමින් තිබීම, යහපාලන පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටි අපට ඉවසා දර ගත නොහැකි බව නම් කිව යුතුමය.

ගරු ජනාධිපතිතුමනි,

මෙහි පහත සඳහන් වන කරුණු කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කොට වහාම පිළියම් යොදන ලෙස අප ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනුයේ වර්තමාන රජය තව දුරටත් බලයේ සිටිනු දැකීම අපගේ පරමාර්ථය වන නිසාය.

1.ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අතර ගැටළුකාරී තත්වයක් මතු කිරීමට කටයුතු කිරීම.

1.1.මෙවැනි සිදුවීම් අවස්ථා ගණනාවකදීම දැකිය හැකි වුණි.එවැනි හැම අවස්ථාවන් හිදීම ඒ ගැන ඔබතුමාගේ මාධ්‍ය අංශය පාලනාධිකාරියෙන් ප්‍රශ්න කර ඇති බව අපිට දැන ගන්නට ලැබුණි.මෙම කණ්ඩායම අගමැතිතුමාට හිතවත් බව පෙන්වමින් කටයුතු කලද මොවුන් ඇත්තටම අගමැති තුමා විපක්ෂයේ සිටියදී ඔහුට එරෙහිව කටයුතු කළ කණ්ඩායමක් බව  ඔබතුමාට සොය බැලූවිට පැහැදිලි වනවා ඇත.

මෙම කණ්ඩායමට චාමර ලක්ෂන කුමාර{මොහු කලින් ඉරුදින පුවත්පතේ සේවය කර ඇති අතර එම වකවානුව තුලදී එවකට විපක්ෂනායකවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව බොහෝ ලිපි ලේඛන රචනා කර ඇති අයෙකි..}

අනෙකා රසික ජයකොඩි ය . මොහු “ඩේලි නිවුස්” සහ “සන්ඩේ ඔබ්සවර්” යන පුවත්පත් දෙකෙහිම වගකීම් අතට ගෙන ක්‍රියාත්මක වන්නේ සභාපති කාවන් රත්නායක මහතාගේ අනුහසිනි.එසේම මොහු ආයතනයෙ සියලුම අන්තර් ජාල පුවත්පත් වල කර්තෘ වරයා ලෙස කටයුතු කරන්නේ සභාපති කාවන් රත්නායක සහ මූල්‍ය අධ්‍යක්ෂක එම්රික් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහයෝගයෙනි.මොහු  ලේක් හවුස් ආයතනයට පැමිනීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අන්තර්ජාල පුවත්පතක් වන “Asian Mirror” යන අන්තර්ජාල පුවත්පතෙහි කර්තෘවරයා ලෙස කටයුතු කළ අයෙකු බව දැන ගන්නට ඇත. එසේම මොහු දැනටත් එම අන්තර් ජාල පුවත්පතෙහි රහසිගත කර්තෘ වරයා ලෙස කටයුතු කරන  බව මාධ්‍යවේදීන් අතර ප්‍රසිද්ධ රහසකි.

අනෙකා දිනමිණ පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශනයේ සංස්කාරකවරයෙකු ලෙස සේවය කරන විමුක්ති දුෂ්මන්ත නැමැත්තෙකි.මොහුද “Info Lanka News Web“ නම් අන්තර්ජාල පුවත්පතක් තවමත් පවත්වාගෙන යන්නෙකි.

{මෙම අන්තර්ජාල පුවත්පත් දෙකම නිරීක්ෂණය කරන්නේ නම් අප පවසන කාරණයෙහි ඇති සත්‍ය අසත්‍ය තාවය ගැන යම් වැටහීමක් ඔබ තුමාට ලබා ගැනීමට හැකිවනවා ඇත. එසේ ම ඔවුන් දැන්ටත් සේවය කරනුයේ කාට දැයි ඔබ තුමාට පැහැදිලි වනවා ඇත. }

අවාසනාවට කරුණ නම් මොවුන් තිදෙනාම වර්ථමාන යහපාලන රජය බලයට පැමිණි වහාම අතිවිශාල වැටුපකට බදවා ගෙන තිබීමයි.

[දැන ගන්නට ඇති පරිදි රසික ජයකොඩිගේ සහ චාමර ලක්ෂන් ගේ  වැටුප පමණක් රුපියල් ලක්ෂය  ඉක්මවන බවත්, මෙයට  අමතරව රුපියල් පනස් දහසකට, ආසන්න  දීමනාවක්ද  ලබා දෙමින් ඇති බවත්,  දැනගන්නට ඇත.]

මෙම තිදෙනාම ලේක් හවුස් ආයතනයට බදවා ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුමෙන් තොරව බව දැන ගන්නට ඇත.මෙහි විශේෂත්වය වන්නේ මොවුන් ගෙන් චාමර ලක්ෂාන් මුලින් ම “දිනමිණ” පුවත්පතේ කර්තෘවරයා ලෙසටද[දැනගන්නට ඇති පරිදි අගමැතිවරගේ විරෝධය නිසා} එය අසාර්ථක වූ කළ  “සිළුමිණ  ” පුවත්පතෙහි කර්තෘවරයා ලෙස පත්කරන්නට සභාපතිවරයා කටයුතු කරමින් සිටියේය.එහෙත් “සිළුමිණ” කර්තෘ මණ්ඩලිකයන්ගෙන් එල්ල වූ විරෝධතාවයන් නිසා මෙන්ම දැනගන්නට ඇති පරිදි අගමැතිතුමාගේ විරෝධය නිසා එය  වැළැක්වී ගිය අතර අනාගතයේදී ඔහු “සිළුමිණ ” කර්තෘවරයා ලෙස පත්කිරීමට සැළැසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ සදහා අවශ්‍ය පසුබිම කාවන් රත්නායක සභාපතිතුමා විසින් ම සකස් කරමින් සිටී.ඒ අනුව ඔබතුමාගේ ඉල්ලිම පරිදි “සිළුමිණෙ”හි කර්තෘවරයා ලෙස පත්කළ ලක්ෂ්මන් පියසේන මහතා එම තනතුරෙහි වගකීම්වලින් ඉවත් කොට තැබීමට කටයුතු කර තිබේ.

එ පමණක් ද නොවේ. විශාල ජනමාධ්‍යවේදීන් ගණනාවක්ම දැඩි කළකිරීම් සහගතව රාජකාරි කරද්දී මොවුන් අති විශාල වැටුප් තලයන් මත සේවයට බදවා ගෙන් ඇති බව ඔබතුමා වෙත දන්වන්නේ දැඩි කණගාටුවකිනි.

චාමර ලක්ෂාන් ගේ වැටුප රුපියල් අසූ දහස (80,000.00 )ක් ඉක්මවන අතර රසික ජයකොඩිගේ වැටුප රුපියල් ලක්ෂය(1,00,000.00) ඉක්මවන බව ඔබතුමාගේ දැනගැනීම පිණිස සටහන් තබමු.

මේ අතර ඔවුන් විසින් කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් දක්ෂතා ඇති ජනමාධ්‍යවේදින් කිහිප දෙනෙකුම රැකියාවෙන් කළකිරී ඉවත්ව යන තැනට කටයුතු සලස්වා ඇති බව කිසිවෙකුත් නොදන්න කාරනයකි.

මෙම මෙම කණ්ඩායම ඉහා සූක්ෂම ලෙස මාධ්‍ය ගැන හෝ මාධ්‍ය කර්මාන්තය ගැන හෝ කිසිවක් ම නොදන්නා සභාපතිතුමා නොමග යවමින් කටයුතු කරන බවද පෙනේ.  මොවුන් අති දක්ෂ ලෙස ඔබතුමාත් අගමැතිතුමාත් අතර ප්‍රශ්න මතු කරනා ආකාරයේ පුවත් සහ ලිපි වරින් වර පළ කර ඇති බවද ඔබතුමාට සැළකිල්ලෙන් සැළකිල්ලෙන් එම පුවත්පත් ගැන විමසා බැලූ විට පැහැදිලි වනවා ඇත.

මොවුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් දක්ෂතා ඇති ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කරණු ලැබූ මාධ්‍යවේදීන්,මාධ්‍යවේදීනියන්,කිහිප දෙනෙකුම සේවයෙන් ඉල්ලා අස්වී ගිය බව ඔබතුමා හෝ අගමැතිතුමා හෝ නොදන්නවා ඇත.

එමෙන්ම රසික ජයකොඩි මහතා යටතේ පාලනය වන නව මාධ්‍ය අංශය සඳහා පත්කර ගෙන ඇති විමුක්ති දුෂ්මන්ත නැමැත්තා ද වරින්වර එම නව මාධ්‍යයන් උපයෝගී කොට ගෙන රජය අපහසු තාවයට පත් කළ අවස්තා ගණනාවක්ම තිබූ බව දන්වන්නට කැමැත්තෙමු.

ආසන්න වශයෙන් ඉන් අවස්ථා දෙකක් පමණක් ඔබ තුමාගේ දැනගැනීම සදහා සටහන් කරන්නෙමු.

  1.  එකාබද්ධ විපක්ෂය විසින් නුවර සිට කොළඹ දක්වා පැමිනි පා ගමන් සජීවී ව දිණමින අන්තර්ජාල පුවත්පත් මගින් විකාශනය කිරීම.


  2.   නාමල් රාජපක්ෂ මහතා උසාවියට ඉදිරිපත් කොට ඇප මත නිදහස් කළ දින ඔහුගේ ජයග්‍රාහී විලාසය පෙන්නුම් කළ අවස්ථාවන් සජීවීව දිණමින අන්තර්ජාල පුවත් අඩවිය තුලින් ප්‍රකාශයට පත් කිරීම.

2.ජනාධිපතිතුමාටත් – අගමැතිතුමාටත් ආයතනික පුවත්පත් යොදාගනිමින් වක්‍රාකාරව විරෝධතාවයන් පළකිරීම.(කළු කොඩි සිද්ධිය)

පසුගිය ජනවාරි මස 8 වෙනි දින ඔබතුමාගේ පළමු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ලේක් හවුස් ආයතනය විසින්  දිණමින,තිනකරන් සහ ඩේලි නිවුස් යන පුවත්පත් වල විශේෂ අතිරේක පළකර තිබුණි.විශේෂත්වය එය නොවෙයි. එම අතිරේක අතරින් ඩේලිනිව්ස් පුවත්පතෙහි පළ කළ  අතිරේක යෙහි ඔබතුමාගෙත්, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් ඡායාරූප මත සියුම් ආකාරයෙන් කලු කොඩි කිහිපයක් මුද්‍රණය වී තිබීමයි.මෙය පාලනාධිකාරිය දැනගත් මොහොතේම පුවත්පත් මුද්‍රණය කිරීම අතරමඟ නවතා එම පුවත්පත් තොගය විනාශ කළ නමුත් සංස්කරණය කිරීම මගහැරුණු කළු කොඩි කීහිපයක්ම සහිතව එම පුවත් අතිරේකය මුද්‍රණය වූ බව ඔබතුමාට අවශ්‍ය නම් සොයා බැලිය හැක.

මෙම කළු කොඩි සිද්ධිය ගැන ආයතනය මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැති නමුදු එහි වගකීම පැවැරුණේ පිටු සැළැසුම් ශිල්පි රසික බෝගහවත්ත සහ පිටුව මුද්‍රණයට අනුමත කළ අප පෙර කී රසික ජයකොඩි වෙතය.

මින් පිටු සැලැසුම් ශිල්පි බෝගහවත්ත හිටපු සභාපති බන්දුල පද්ම කුමාර මහතාගේ සුවච කීකරු ගෝලයෙකු බව ආයතනයේ සෙවකයන් අතර ප්‍රසිද්ධ රහසකි.

ඒ කුමන හේතුවක් නිසා දැයි අපි නොදනිමු.ආයතනය තුල දැඩි කතාබහට ලක්වූ මෙම සිදුවීම කල්මරා සේවකයන්ට අමතකව යැමට පාළනාධිකාරිය කටයුතු කළේ ඉතා සූක්ෂම අන්දමිනි.මෙම කළු කොඩි සිද්ධියේ කටයුතු සොය බැලීමට රහස් පොලීසිය වෙත පවරන බවට සභාපතිතුමා පැවැසුවද එය රහස් පොලීසියට බාරදුන්නා ද යන පැනය සේවකයන් තුල තවමත් තිබේ.පසුව මැතකදී දැන ගන්නට ලැබුණේ එම රහස් පොලීසියට කරන ලද පැමිණිල්ල ද ඉල්ලා  අස්කර ගැනීමට ගනීමට කටයුතු කර ඇති බවයි.

අවසානයේදි කළු කොඩි විරෝධයෙන් රසික ජයකොඩි හා රසික බෝගහවත්ත යන අයවළුන්  බේරා ගැනීමට ඉදිරිපත් වු යේ වර්තමාන සභාපති කාවන් රත්නායක මහතායි.

ඔබතුමාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රප්තිය වෙනුවෙන් පළකල විශේෂ පුවත් අතිරේකයෙහි ඔබතුමාගේ ඡයාරූප මත පමණක් නොව අගමැතිතුමා සහ ඔබතුමා එකට සිටින ඡයාරූප මත ද කළු කොඩි මුද්‍රණය වී තිබියදීත් මෙම පරික්ෂණ යට ගැසීම අපට තවමත් නොවිසදුණ ප්‍රශ්නයකි.

  3. අධික වැටුප් තල මත තම පුද්ගලික හිතවතුන් – පෙම්වතියන් සේවයට බඳවා ගනිමින් ආයතනයේ පැරණි සේවකයන් අතර සේවක නො සන්සුන්තාවයක් මතු කිරීම.

ආයතනයේ  සේවක අතිරික්තයක් ඇතැයි පවසමින් විශ්‍රාම යන වයස එළැඹුණු වහාම සුළු වැටුප් තල මත සේවය කරන සේවකයන් විශ්‍රාම ගන්වමින් සිටියදී තම පැරණි සේවා ස්ථානවල සේවයේ යෙදුණු පැරණි පෙම්වතියන් සහ හිතවතුන් කිහිප දෙනෙකුම අති විශාල වැටුප් තල මත ආයතනයට  බඳවා ගෙන තිබීම සේවකයන් ලෙස අපතුල ඇත්තේ දැඩි කළකිරීමකි.මෙහි ඇති විශේෂත්වයක් වනුයේ ඔවුන්ගේ වැටුප අවස්ථා කිහිපයක් තුලදී  වැඩි කර තිබීමත්,එම  වැඩිම් කිරීම සඳහා නව උපාය මාර්ගයක් දියත් කර  තිබීමත් ය.ඒ ගැන පසුව සදන් කරන්නෙමු.පහත සදහන් වනුයේ ඉන් කිහිපයක් පමණකි.

( මෙම කරුණු කිසිවක් ම අගමැතිතුමා පවා නොදන්න බව  බව නම් අපට සහතිකය. එහෙත් මේ සියල්ල අගමැතිතුමා පැවැසුවා යැයි පවසමින් එතුමාවද සේවකයන් අතර අප්‍රසාදයට පත්කිරීම නම් සිදුවන බව කණගාටුවෙන් යුතුව සඳහන් කළයුතුමය.).}

3.1. දීපානි කරුණාරත්න මහත්මිය

* මානව සම්පත් උපරිම ලෙස යොදා ගැනීමටත්, එය ක්‍රියාවට නැගීම සදහා අවශ්‍ය යාන්ත්‍රනයක් සැකැසීමට යැයි පවසමින් ඩයලොග් ආයතනයේ සේවය කල දීපානි කරුණාරත්න නම් මහත්මියක් රුපියල් ලක්ෂයකට අධික වැටුපක් ලබාදී බඳවා ගත් අතර ඇය සේවය කළේ සතියකට දින 3ක් පමණක් නොව එය පැය විසිපහක කාලයකටද සීමකර තිබුණි.අවසානයේදි ඇය ආයතනයේ මුදල් ලක්ෂ කිහිපයක් විනාශ කොට සේවයෙන් ඉවත්ව ගියේ සේවක විරෝධතාවයන් එල්ල වෙමින් තිබියදීය.

3.2. මදාරා ද මැල් මහත්මිය

*මැල් මහත්මිය ද ඩයලොග් ආයතනයේ හෝ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සෙවය කර අති බව දැනගන්නට ඇත. {මුල්‍ය අධ්‍යක්ෂකවරයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇත,ඔහු සභාපති කාවන් රත්නායක මහතා ගේ පුද්ගලික මිතුරෙකි.)

ඇය සේවයට බඳවා ගත්තේ සතියකට දින හතරක් පමණක් ආයතනයේ සෙවය කරන අමුතු ආකාරයේ එකඟතාවයකින් වන අතර{සාමාන්‍යයෙන් අප දන්නා තරමින් සේවකයන් දින 5ක්, පැය 45ක් සේවයේ යෙදිය යුතු වෙයි.}

ඇයට “සන්නාම උපදේශකවරියකු” ලෙස නව තනතුරක් ද, නව සේවා නාමයක් ද ලබදුන් අතර සේවයට බදවා ගැනීමේදී ඇයගේ ආරම්භක මුලික වැටුප රුපියල් එක් ලක්ෂ හතලිස් දහසක් (1,40,000.00) වීය..

නමුත් පුදුමයට කරුණ එය නොවේ.තම පැරණි පෙම්වතියන්ට වැටුප් වැඩි කිරීම සදහා වෙනත් ආකාරයේ උපාය මාර්ගයන් අනුගමනය කිරීමයි.ඒ ලේක් හවුස් ආයතනයෙන් පරිබාහිරව වෙනත් නම් වලින් සමාගම් පිහිටුවා ඔවුනට ලේක් හවුස් ආයතනයෙන් වැඩි වැටුප් ගෙවීමට කටයුතු කිරීමයි.එනම් “ලේක් හවුස් කනෙක්ට්”(Lakehouse Connect) නමින් නව සමාගමක් පිහිටුවා එහි ප්‍රධාන විධායක නිළධාරිවරිය ලෙස ඇයව පත් කොට ඇයගේ වැටුප රුපියල් එක් ලක්ෂ හැට හය දහස දක්වා(1,66,000.00) වැඩි කිරීමට කටයුතු කිරීමයි.ඉන් නොනැවතී විශේෂ දීමනාවක් ලෙස  තවත් අමතර  රුපියල් හැට පන්දහසක (65,000.00)මුදලක් ගෙවීමට කටයුතු කිරීමයි..

ඇත්තෙන්ම මෙහි ඇති පුදුමය වන්නේ ලේක් හවුස් ආයතනය තුල දක්ෂතා ඇති මාධ්‍යවේදීන් රැසක් අඩු වැටුපට සේවය කරමින් සිටිය දී ආයතනයේ මූලික අරමුණුවලින් පිට සමාගම් පිහිටුවමින් තම හිතවතුන්ට රැකියා ලබා ලබා දෙන ආයතයක් බවට ලේක් හවුස් ආයතනය පත් කර ගැනීමයි.

3.3. හෙෂාන් කරුණාරත්න මහතා

මෙවැනිම තවත් පත් කිරීමක් සිදුව තිබේ . සභාපති කාවන් රත්නායක මහතාගේ හිතවතෙකු වන හෙෂාන් කරුණාරත්න නැමැත්තෙකු ද පළමුව ලේක් හවුස් ආයතනයට රුපියල්  එක් ලක්ෂ හැත්තැ දසක(1,70,000.00) වැටුපට බඳවා ගැනීමෙන් නොනැවතී ඔහුට රුපියල් හැත්තැ දහසක(70,000.00) අමතර දීමනාවක් ලබා දීමයි.මේ සම්බන්ධයෙන් සේවක විරෝධයක් මතුව එත්දී පාලනාධිකාරිය කටයුතු කළේ “ඔබ්ස්වර් ජොබ්ස්”(observer Jobs) නමින් නව සමාගමක් පිහිටුවා එහි ප්‍රධාන විධායක නිළධාරිවරයා ලෙස  ඔහුව පත්කිරීමයි. එලෙස  පත් කොට ඔහුගේ වැටුප රුපියල් එක් ලක්ෂ හැත්තැ දහසක(1,70,000.00) මූලික  වැටුපක් සහ දීමනාවක් ලෙස රුපියල් පනස් පන්දහසක (50,000.00)මුදලක් ද,ඊට අමතරව මාස දෙකක බෝනස් මුදලක් ද ලබා  දීමයි. ඉන් නොනැවතී  ලේක් හවුස් සේවකයන් ටම පමණක් වෙන්වූ වෛද්‍ය ආධාර ක්‍රමයේද සාමාජිකයෙක් බවට පත් කිරීම යි.

මෙහි ඇති මහා හාස්‍යවනුයේ ආයතනයට කිසිදු මහන්සිවීමකින් තොරව දැන්වීම් අංශය මගින් ලබා දුන් දැන්වීම් ප්‍රමානයක් ඔවුන්ගෙන් ඉවත් කොට තම හිතවතෙකුගේ වැටුප් ගෙවීම වෙනුවෙන් වෙනම සමාගමක් “ඔබ්ස්වර් ජොබ්ස්”(observer Jobs) නමින් පිහිටුවා ලීමයි.

3.4. අයේෂා සෝමරත්න  මහත්මිය

එයට අමතරව “ඔබ්සවර් ජොබ්ස්” සදහා ඔවුනගේ හිතවතුන් කිහිප දෙනෙකුද සේවයට බඳවා ගෙන ඇත.ඩයලොග් ආයතනයේ සෙවය කළා යැයි කියන පැරණි පෙම්වතියකු වූ අයේෂා සෝමරත්න නැමැත්තියකු රුපියල් ලක්ෂයක (1,00,000.00) මූලික වැටුපකට ද ඊට අමතරව රුපියල් හතලිස් දහසක(40,000.00) විශේෂ දීමනාවකට ද බඳවා ගැනීමට කටයුතු කර ඇත.

3.5. අරෝෂා පෙරේරා මහත්මිය

මීට අම්තරව ලේක් හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂකවරයාගේ පැරණි පෙම්වතියකු වන බව කියැවෙන  අරෝෂා පෙරේරා නමැත්තියෙකු මූල්‍ය  උපදේශකවරයෙකු ලෙස සේවයට බඳවා ගැනීමට කටයුතු කිරීමයි.එපමණක්ම නොව ඇය වෙනුවෙන් ලබා දී ඇති අරුම පුදුම සේවා කොන්දේසියක් ද ඇත.එ නම් ඇය උපරිම වශයෙන් සතියකට පැය විසිපහක් සේවය කළ යුතු වන අතර අවම වශයෙන් සතියකට දින භාගයක් එනම් සතියකට පැය හතරක් ආයතනය තුල සේවය කිරීමට නියම කිරීමයි.සතියකට අවම වශයෙන් පැය හතරක කාලයක් සේවය කිරීම වෙනුවෙන් ඇයට ගෙවනු ලබන වැටුප වනුයේ රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වීම කෙතරම් අරුමයක් ද?මෙවැනි සේවා ආයතනයන් ලංකාවේ ඇත්තේ කොහිද? එය විමසීම ට හැක්කේ ඔබතුමාටත්, ගරු අගමැතිතුමාටත් පමණකි යැයි අපි සිතමු.

එපමණක් ද?පැරණි පෙම්වතියන්ට සළකා ඇත්තේ!

3.5. ප්‍රමිතා ජයමහ  මහත්මිය

ඩයලොග් ආයතනයේ සේවය කළායැයි පැවැසෙන ප්‍රමිතා ජයමහ නැමැත්තියෙකු මානව සම්පත් උපදේශකවරයෙකු ලෙස සේවයට බඳවා ගැනීමක් ද ඒ අතර වෙයි.ඇයගේ වැටුපද රුපියල් එක් ලක්ෂ පණස් දහස (1,50,000.00)ඉකමවන අතර ඇය   සතියකට පැය විසි පහක කාලයක් ආයතනය තුල සේවය කළ යුතු වන අතර අවම වශයෙන් දිනකට පැය තුනක් වත් සේවය කල යුතු වන බවට වන විශේෂ සේවා කොන්දේසියක් ද පනවා ඇතැයි දැනගන්නට ඇත. මෙවැනි සේවා කොන්දේසි පෙම්වතියන්ට හැර සේවකයන්ට නම් ලබා දෙන ආයතනයක් ලේක් හවුස් ආයතනය හැර වෙනත් ආයතනයක් ලංකාවේදි නම් අප අසා,දැක නැත.

3.6.  බාරි මහතා

එපමණක්ද? නැත . ඩයලොග් ආයතනයේ සෙවය කරමින් සිට විශ්‍රාම යවන ලද බාරි නම් පුද්ගලයෙකු අයිටී (IT) උපදේශකවරයෙකු ලෙස රුපියල් ලක්ෂය ඉක්මවන වැටුපකට බදවා ගැනීමයි. මෙහි ඇති වඩාත්ම හාස්‍යට භාජනය වන කරුණ වන්නේයෙ රුපියල් හැට දහසක් වැනි වැටුපකට ආයතනය තුල දීර්ඝ කාලයක් සේවය කළ ඡයා නම් මහතෙකු වයස පනස් පහ සම්පූර්ණ වුවායැයි පවසමින් විශ්‍රාම ගන්නවා වැඩි වැටුපකට තම හිතවතෙකු සේවයට බඳවා ගැනීමට කටයුතු කිරීමයි.

මෙහි ඇති අරුම පුදුමය නම් මේ සේවකයන් ලබා ගන්න වැටුප් හා දීමනා අයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවන අධ්‍යක්ෂක මණ්ඩල සාමජිකයන්ගේ වැටුප ද අභිබවා ගොස් ඇති බව දැනගන්නට ලැබීමයි.

   4. ආයතනයේ නීති හා රෙගුලාසි උල්ලංඝණය කර තම හිතවතෙකු අගමැතිතුමාවද රවටා පත්කර ගැනීම.

එපමණක් ද? සාමාන්‍යයෙන් ලේක් හවුස් අධ්‍යක්ෂක මණඩලය සඳහා සාමජිකයන් පත් කිරීම සඳහා එහි අණ පනත් මගින්ම යම් නිර්ණායකයන් ලබා දී ඇති බව ඔබතුමා දන්නවා ඇතැයි අපි සිතමු.කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා මධ්‍ය ක්‍රේෂ්ත්‍රයට සම්බන්ධ අයෙකු විය යුතු වා සේම නීතිඥ මහතෙකු නීති අධ්‍යක්ෂක ධුරය දැරිය යුතු බවට එහි නීතියෙන්ම සටහන්ව ඇති බව සත්‍යයකි. එහෙත් සභාපති කාවන් රත්නයක මහතාගේ පුද්ගලික මිතුරෙකු මූල්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර ගත්තේ නීතියෙන් සම්මත පිළිවෙල ද, ආයතනික රෙගුලාසිද, බිඳ දමමිනි.නීතියට අනුව මූල්‍ය අධ්‍යක්ෂකවරයා වෘත්තියෙන් ගණකාධිවරයෙකු වියයුතු නමුදු වර්තමාන මූල්‍ය අධ්‍යකෂකවරයා ආර්තික කටයුතු සම්බන්ධ අයෙකු මිස මූල්‍ය කටයුතු සම්බඳයෙන් විශේෂඥයෙකු නොවේ.දැනගන්නට ඇති පරිදි ලේක් හවුස් සභාපති කාවන් රත්නායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද මුලාවේ දමා ඇත. ලේක් හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂකවරයා ගණකාධිවරයෙකු වියයුතු බව අගමැතිතුමා නොදන්නවා විය නොහැක.තමාට සුදුසු කෙනෙකු සොයාගන්නා තෙක්  මාස තුනක කාලයකට එම්රික් ප්‍රනාන්දු නම් තම හිතවතා මෙම නිළයට පත්කර දෙන මෙන් අගමැතිතුමාට පවසා ඇතැයි දැන ගන්නට ඇත. මාස තුනකින් පසු වෙන අයෙකු පත් කරගන්නා බවට අගමැතිතුමාට දුන් පොරොන්දුව මේ වනවිට වසර දෙකක් ද ඉක්මවා ඇති බව ඔබතුමා ගේත්, අගමැති තුමාගේත් සිහියට නැංවීමට අප කැමැත්තෙමු. කැදැවීමට කැමැත්තෙමු.

එහෙයිනි අධික වැටුපක් ගෙවා මූල්‍ය උපදේශක වරයෙකු ලෙස තම පුද්ගලික හිතවතියක් පත් කරගෙන ඇත්තේ.

යම් හෙයකින් මෙම සිදුවීම අධ්කරණය හමුවට ගෙන ගියහොත් සිදුවනු ඇත්තේ කුමක්ද? යහපාලන රජයට දෙපාර්තමේන්තුවකට හෝ ආයතනයකට හෝ අධ්‍යක්ෂකවරයෙකුවත් පත්කර ගැනීමට තරම් අවබෝධයක් නොමැති බව ජනතාව සිතන්නට නොපෙළඹේද?

  5.  හිතවතුන්ට ආයතනයේ කොන්ත්‍රාත් ලබාදීම

මෙවැනි සිදුවීම් බොහොමයකි.දූෂණයන්ද රැසකි. ආයතනයේ බොහෝ කොන්ත්‍රාත් ලබා දෙනුයේ පුද්ගලික හිතවතුනටය.උදහරණයක් ලෙස මොරටුවවිශ්ව විද්‍යලයෙන් උපදෙස් ගන්නවා යැයි  පවසමින්,කොන්ත්‍රාත් දෙනවා යැයි පවසමින් ආයතනයේ නව ඉදිකිරීම් සඳහා උපදෙස් ලබා ගැනීමට පත්කර ඇත්තේ සභාපති කාවන් රත්නායක මහතාගේ නිවසේ ගෘහ නිර්මාන ශිල්පියාට බවද දැන ගන්නට ඇත.

5.1.ඇප්ප්ස් නිර්මාණය කිරීම සහ ආයතනයෙ ප්‍රචාරක කටයුතු

ආයතනයේ මුද්‍රණය කරනු ලබන පුවත්පත් ප්‍රවර්ධනය කිරීම සදහා කටයුතු කළ යුතුව තිබියදී එයින්ද වර්තමාන පරිපාලනය සේවකයන් ගොනාට අන්දවමින් වංචා කර ඇති අවස්ථා ගණනද බොහෝමයකි.පුවත්පත් ප්‍රවර්ධනය සදහා කළයුතු  කටයුතු බොහෝමයක් තිබියදි දිණමින ,ඩේලි නිවුස්,තිනකරන් පුවත්පත් සදහා යැයි පවසමින් ඇප්ස් තුනක් නිර්මානය කළ අතර ඒ සඳහා වැය කලා යැයි කියැවෙන මුදල ඒ සදහා වැය කළයුතු සම්මත මුදලට වඩා බොහෝ අධිකය බව දැන ගන්නට ඇත..එපමණක්ම නොවේ.එය පළමුවරට එළිදැක්වූදා ඉසවු සංවිධානය කිරීමට බාරදුන් සමාගම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරන ප්‍රචාරක කටයුතු සිදු කළ  ” ලියො බර්නට්ස්” නම් සමාගමකට බව ප්‍රකාශ කළ යුතුව ඇත.එම ඉසවු කළමනාකරණය වෙනුවෙන් එම සමාගමට රුපියල්  මිලියන ගණනක් වැය කොට පැවැරූ බව ද ඔබතුමා සොයා බැලුවහොත් හෙලිදරව් කර ගත හැක.

එපමණකම නොවේ. එම ලියො බර්නට් සමාගම සදහා මහ මැතිවරණය ට ආසන්න කලයකදී පුවත්පත් ප්‍රචාරණයන් සදහා යැයි කියමින් පෝස්ටර් නිර්මණය කිරීම සදහා ප්‍රචාරන කටයුත්තකට යැයි පවසමින් මිලියන ගණනක මුදල් ලබාදුන් බවත් එය නාස්තිකාර වියදමක්  බවත් සේවකයන් වෙනුවෙන් සදහන් කිරීමට කැමැත්තෙමු.

එසේ හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කල “ලියො බර්නට්ස් “සමාගමට නිස්කාරනයේ රුපියල් මිලියන අසූවක් පමණ වැයකර මුදල් නාස්ති කිරීමෙන් නොනැවතී තවත් මිලියන හතලිහක මුදලක් වැයකොට රූපවාහිනී සේවාවල් සදහා යැයි කියමින් තත්පර තුනක පමණ විකාශන කාලයක් වෙනුවෙන් ප්‍රචාරක  දැන්වීමක් සකස් කළ අතර එය දැනට ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ පමණක් ප්‍රචාරය කෙරේ. එයද නාස්තිකාර වියදමක් පමණක්ම නොව තම හිතවතුන්ට ලබා දුන් අල්ලසක් වන බව අපේ හැඟීමයි.

මෙම ගණුදෙනුව පාලනාධිකාරියේ කිහිපදෙනෙකුගේ පුද්ගලික හිතවතුන් වෙත ලබාදුන් ගණුදෙනුවක් බවට අපට සිතෙන්නේ මේ සදහා මිළ ගණන් කැදවීම සිදුකර ඇත්තේ ආයතන මට්ටමින් නොව පුද්ගල මට්ටමින් බවට තොරතුරු වාර්තා වීම නිසය. මේ බව ඔබතුමාට පරීක්ෂණයකදී සොයා ගත හැකි වනු ඇත. තහවුරු කර ගත හැකිවනු ඇත.

  6.  ආයතනය මඟින් පවත්වාගෙන ගිය නවයුගය ,ක්‍රීඩා ඇතුළු පුවත්පත් දහයක් සහ පොත් අලෙවි සැල් වසා දැමීම.

මූල්‍ය කටයුතු ගැන කිසිදු අත්දැකීමක් නොමැති නමුදු සභාපතිවරයාගේ පුද්ගලික හිතවතෙකු වූ මූල්‍ය අධ්‍යක්ෂකවරයා පළමුවෙන්ම කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගේ සහ හිටපු සභාපති බන්දුල පද්ම කුමාර මහතාගේ හිතවතුන්ගේ උපදෙස් පරිදි එතෙක් ලාබ ලබමින් තිබූ පුවත්පත්  දහයක් පමණ නවතා දැමීමයි.එසේ පුවත්පත් නවතා දැමීමෙන් ඒ සදහා වැයවූ මුදල ආයතනයේ මුදල් ඉතුරු කිරීමක යැයි පැවැසී මයි. කටයුතු කිරීමයි.

එසේම වසරා ගණානාවක් පුරා එතෙක් අනුරාධපුර,නුවර,කතරගම, මාතර යන ප්‍රදේශවල පිහිටා තිබුණු පොත් අලෙවි සැල් වසා දැමීමට කටයුතු කිරීමයි.

මෙවැනි කරුණු බොහෝය. අප ඇත්තටම මෙතෙක් නිහඩව සිටියේ යහපාලන ආණ්ඩුවට යම් අහිතක් මේවා හෙලිදරවු කිරීමෙන් සිදු වේයැයි යන සැකයෙනි.එහෙත් වර්තමානයේදී මේ ලේක් හවුස් ආයතනය තුල සිදුවෙමින් පවතින දැ ඇත්තටම ඔබතුමාගේත් අගමැති තුමාගේත් දේශපාලන අනාගතයට එතරම් හිතකර එකක් නොවන බව අපට පෙනෙන නිසාම මේවා හෙළිකිරීමට අදහස් කළෙමු.

ගරු ජනාධිපති තුමණි, අප මේ සියල්ල ඉවසා බලා සිටියද සිදුවන් බොහෝ දැ දෙස තව දුරටත් බලා සිටීමෙන් වනුයේ ජනවාරි 8 දා ඔබතුමාට චන්දය ලබා දුන් යහපාලනප්‍රේමී ජනතාවට කරනු ලබන පිටුපස හැරීමක් වන නිසාය.

මූල්‍ය අධ්‍යක්ෂකවරයාගේ සිට මැතකදී ලේක් හවුස් ආයතනයට බඳවා ගත් සියලු දෙනාම පාහේ ජනවාරි 8 වෙනි දින සිදුවූ  දේශපාලන පෙරළියේ දි ඔබතුමාට හෝ, එක්සත් ජාතික පක්ෂයට හෝ,  චන්දය නොදුන් අයවලුන් බව සොයා බැලුව හොත් ඔබතුමාටම තේරුම් ගත හැක.

මෙවැනි කරුණු කාරනා බොහෝමයකි. ලිපිය දීර්ඝ වන නිසාත් ඔබ තුමාගේ වටිනා කාලය මෙම ලිපිය කියවීමට වැය කිරීම සාධාරණ නොවන නිසාත් සීම කරන්නට යෙදුණ බව දන්වමි.එහෙත් ලේක් හවුස් ආයතනය තුල සිදුවෙමින් තිබෙන ආණ්ඩුවට එතරම් හිතකර නොවන බව නම් ඔබතුමාට වැටහෙනවා ඇතැයි අපි සිතමු.

කළකිරෙන මධ්‍යස්ත සේවකයන් දැන් දැන් පවසනුයේ ලේක් හවුස් ආයතනයේ සභපතිවරයා ලෙස බන්දුල පද්ම කුමාර මහතා බලයේ සිටියානම් හොද බවය.

බන්දුල පදම කුමාර පාලන කාළය තුලදී සේවකයන් කුමන ආකාරයේ කළකිරීම් සහගතා භාවයකින් කටයුතු කළාදැයි සිතා බැලුවහොත් දැන් එම කළකිරීම ඉතා කෙටිකලෙකින්ම මෙම පාළනාධිකාරිය වෙත එල්ල වෙමින් තිබෙන බව කිවයුතුය.

මෙම කණගාටුදායක තත්වයට වහාම මැදිහත්වී අගමැතිතුමාද දැනුම්වත් කරමින් කටයුතු කරන ලෙස අප අවසාන වශයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

මේ සදහා ස්වාධීන පරික්ෂණයක් කරන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්ණෙමු.

බන්දුල පද්ම කුමාර මහතාගේ පාලන කාලය තුලදී සේවකයන් කුමන ආකාරයේ කළකිරීම් සහගත භාවයකින් කටයුතු කළා දැයි සිතා බැලුවහොත් දැන් එම කළකිරීමම ඉතාම කෙටි කාලයකින්ම මෙම පාළනාධිකාරිය වෙත එල්ල වෙමින් තිබෙන බව කිය සිටින්නේ දැඩි කණගාටුවකිනි.

මෙම කණගාටුදායක තත්වයට වහාම මැදිහත්වී අගමැතිතුමාවද දැනුම්වත් කරමින් කටයුතු කරන ලෙස අප අවසන් වශයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

මේ සදහා ස්වාධීන පරික්ෂණයක් කරන ලෙස අපි ඔබතුමාගෙන් දැඩි ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි,
මෙයට,
වර්තමාන රජයටත් ආදරය ඇති සේවකයන් පිරිසක්

පිටපත්  :

අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ජනමාධ්‍ය ඇමැති ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මැතිතුමා

No comments:

Post a Comment

Post Bottom Ad