අතකොටා ඇතුළු 17කට මරණ දඬුවම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

අතකොටා ඇතුළු 17කට මරණ දඬුවම

අතකොටා ඇතුළු 17කට මරණ දඬුවම
නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් අතකොටා ඇතුළු 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය අද (25) මරණ දණ්ඩනය නියම කළාය.

ඉන් සුබ්‍රමනියම් මහේන්ද්‍රන්, සරත් විජේසිරි සහ තරිඳු ධනංජය යන විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කරනු ලැබීය.

දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවන් 21දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි.

අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහට අමතරව මෙසේ මරණ දණ්ඩනය නියම වූයේ අමිල වසන්ත විජේසිරි, පී.කේ.වීරබාබු, පී.විජයකුමාර්, රාමන් ශෂිකුමාර්, පෙරුමාල් රවිකුමාර්, රාජේන්ද්‍රන් රවිකුමාර්, රාමන් ශිවකුමාර් නොහොත් බීඩි තුංගා, චිත්‍රවේල් නිශාන්ත කුමාර්, ක්‍රිෂ්ණවේල් රාජේන්ද්‍රන්, එච්.ඩී. දුෂාන් රංග විජේසිරි, එස්.පලනියන්ඩි, ආරුමුගම් අර්ජුන්, පී.ජී.ඉන්දික උදය විජේසිරි, අරුනාචලම්, මුනියන්ඩි, ඉඳුනිල් ලක්ෂිත සහ දිනේෂ් චතුරංග යන අයටයි.

No comments:

Post a Comment

Post Bottom Ad