2017 සම්පූර්ණ අයවැය කතාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

2017 සම්පූර්ණ අයවැය කතාව මෙන්න..


2017 වසර සදහා මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සම්පුර්ණ අයවැය කතාව මෙසේය.

එම යෝජනා පහත පරිදි වේ. 

* සිම් කාඩ් මත රු.200/- ක සක‍්‍රීය කිරීමේ ගාස්තුවක් පනවනු ලබන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සියලුම ජංගම දුරකථන ක‍්‍රියාකරුවන් වෙත ඔවුන්ගේ යටිතල පහසුකම්, 3G පහසුකම් සැපයීම සඳහා පරිවර්තනය කිරීමට මාස 6 ක කාලයක් ලබාදෙන අතර එම මාස 6 ක කාලය ඇතුලත 3G පහසුකම් සැපයීමට අපොහොසත් වන සේවා සපයන්නන් මත දිස්ත‍්‍රික්කයකට රු. මිලියන 100 ක අධිභාරයක් පනවනු ලබන බවත් සියළුම නගර සීමා තුල සේවාවන් 2018 ජුනි 30 වන විට 4G තත්ත්වයට පරිවර්තනය කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* රථ වාහන වැරදි ස්ථානික දඩ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නැවත වර්ගීකරණය කරනු ලබන අතර අවම දඩය රුපියල් 2000ක් දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ආනයනය කරන පානීය නොවන මධ්‍යසාර මත ලීටරයකට රුපියල් 25ක සුරා බද්දක් පනවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මිලි ලීටර් 350ට අඩු බීර කෑනයක් සඳහා රුපියල් 10ක් හා මිලි ලිටර් 350ට වැඩි කෑන් එකක් සඳහා රුපියල් 15ක බද්දක්  බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* පානීය මධ්‍යසාර ආනයනය කිරීමේදී ලීටරයක් සඳහා රුපියල් 800ක තීරු බද්දක් පනවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අන්තර්ජාල සේවා මත විදුලි සංදේශ ගාස්තුව 25%ක් දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* නිශ්චල දේපල බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභ මත 10% ප්‍රාග්ධන ලාභ බද්දක් පනවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* පැරණි වාහන අපනයනයේදී බදු සහන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අයිතම 100ක සෙස් බදු ඉවත්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විද්‍යුත් මෝටර් රථ බදු අඩුකරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* කාබන් සඳහා නව බද්දක් පනවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සමෘද්ධි ලාභීන් වෙනුවෙන් මාසිකව සහල් කිලෝ පහක් ලබා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දේශීය ටින්මාලු ග්‍රෑම් 425 රුපියල් 125ක්, දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250ක් ලෙස සිමා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 25කින් අඩු වේ, භූමිතල් ලීටරයක් රුපියල් 5කින්, සුදුසීනි කිලෝව රුපියල් 2කින් අඩුකරනවා, හාල් මැස්සන් කිලේව රුපියල් 5කින්, අර්තාපල් කිලෝව රුපියල් 5කින්, පරිප්පු කිලෝව රුපියල් 10කින්, මුං ඇට කිලෝවක මිල රුපියල් 15කින් අඩුවේ.

* අධිවේගී මාර්ගයන්හි ගාස්තු රාත්‍රී 9න් පසුව ගාස්තුවෙන් රුපියල් 50ක් අඩුකරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සතොස සිල්ලර වෙළදසැල් 100ක් ඉදිකරන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මාතර මහුදු තීරය දියුණු කිරිමට මිලියන 200ක් සහ වැව් සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සූර්ය බල ව්‍යාපෘති සඳහා ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* වස විස නැති රටක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* නීති රාමුව ආරක්ෂා කිරිම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 710ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් පැල්මඩුල්ලේ ඉදි කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* රට පුරා වාණිජ අධිකරණ හතරක් ඉදි කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ග්‍රාමසේවක ඇතුළු රජයේ නිලධාරින්ගේ සේවා එක්තැනකින් ලබාගැනීම සඳහා සේවා පියස 1000ක් ඉදිකිරිමට රුපියල් මිලියන 1500ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විදේශීය ශ්‍රමිකයන්ගේ අවම වේතනය 300ක් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* තරුණයන්ගේ හැකියා වර්ධනය කිරිම සඳහා රුපියල් මිලියන 25ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ජනමාධ්‍යවේදීන් සඳහා උපකරණ ලබාගැනීමට 50%ක පොලී සහනාධාරයක් යටතේ රුපියල් 150000ක ණය ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ක්‍රීඩාවේ නවකයන් හඳුනාගෙන අත දීමට රුපියල් මිලියන 50ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව, නිධානය වැනි චිත්‍රපට සංරක්ෂණය සඳහා ඒකකයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භ කිරීමට රුපියල් මිලියන 50ක් වෙනේ කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* උතුරු නැගෙනහිර විවිධ ජනකොටස්වල සාමය හා සංහිඳියා වැඩසටහන සඳහා රුපියල් මිලියන 180ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දුම්වැටි විරෝධී වැඩපිළිවෙළට ජනපති අරමුදලට රුපියල් මිලියන 500ක් වෙන් කරන ලෙස දුම්කොළ සමාගමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ජාතික යොවුන් සේනාංකයට රුපියල් මිලියන 4000ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* උපාධිධාරීන් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 1.5ක් පොලියක් නොමැතිව ලබාදෙන අතර මේ සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* ජන සංයුතියේ ප්‍රතිඵල නෙළා ගැනීමට උසස් අධ්‍යාපනයේ ආයෝජන අංශ සඳහා තරුණ තරුණියන් හා කාන්තාවන්ට අවැසි දැනුම හා නිපුණත්වය ලබා දී නිදහස් තාක්ෂණ අධ්‍යාපනය ලබා දීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දුම්රිය ක්ෂේත්‍රයට පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සේවක අර්ථ සාධක හා සේවක භාර කාර අරමුදල නියාමනය කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* රණවිරු දීමනා ගෙවීමට රුපියල් මිලියන 3500 වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි

* සමෘධි ලාභීන්ගේ ආදායම් වර්ධනය කරන අතර සමෘද්ධි ව්‍යාපාරය ජන ඉසුරු ලෙස නම් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි

* මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට 40% ක ණය මුදලක් ලබාදෙන මුදල් අමාත්‍යවරයා පවසයි.

* අවුරුදු 15 ට වඩා රජයේ නිවාසවල පදිංචි කරුවන්ට නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරන අතර ඊට මිලියන 2000ක් වෙන් කර ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* වැවිලි ක්ෂේත්‍රයේ ලයින් කාමරවල ජීවත් වන්නන් වෙනුවෙන් නිවාස 25000ක් ඉදි කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා නිවාස බැංකුව එක්ව 7%ක නිවාස ණය ලබාදීම සඳහා රුපියල් කෝටි 37000 වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි

* අඩු හා මධ්‍යම ආදායම් පවුල් වෙනුවෙන් නිවාස පන් ලක්ෂයක් ලබාදෙන මුදල් අමාත්‍යවරයා පවසයි.

* මුදල් හුවමාරු ආයතන 200ක් ස්ථාපිත කිරීම සඳහා බලපත්‍ර ලබාදෙන මුදල් අමාත්‍යවරයා පවසයි.

* ගෝල්ඩන්කී තැම්පත්කරුවන් සඳහා ඉතිරි මිලියන 3000ක මුදල ලබා දීමට කටයුතු කරන මුදල් අමාත්‍යවරයා පවසයි.

* මූල්‍ය වත්කම් කළමනාකරණය සඳහා ආයතනයක් ස්ථාපිත කරන බවත් මූල්‍ය පාරිභෝගියන් ආරක්ෂා කිරිම අධිකාරියක් පිහිටුවන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* විදුලිය අවම මිලක් යටතේ ජනතාවට ලබාදීම තහවුරු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* පානිය ජල ව්‍යාපෘති සඳහා මිලියන 300ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* නව අභ්‍යන්තර ගුවන් සේවයක් වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* බස් රියදුරන්, කොන්දොස්තරවරුන් හා පිරිසිදු කරන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවය කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ත්‍රිරෝද රථ හා පාසල් වෑන් නියාමනය කිරීමට ආයතනයක් පිහිටුවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ආසන 32 පාසල් වෑන් රථ වෙනුවෙන් 75%ක පොලී සහනාධාරයක් වෙනුවෙන් රුපියල් මිලියන 150ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මධ්‍යම හා රුවන්පුර අධිවේගය මාස කිහිපයකින් ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සංචාරක හෝටල් සඳහා අවම කාමර ගාස්තුවක් හදුන්වා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සංචාරකයින් සඳහා e visa ක්‍රමයක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දකුණු අධිවේගය බදුල්ල දක්වා දිගු කිරිමට සැලසුම් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන මුදල් අමාත්‍යවරයා පවසයි.

* ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ප්‍රධාන පෙළේ සමාගම් සංස්ථාපිත බද්ධෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ඉදි කිරීම් කර්මාන්තයට අදාළව පැවැති සියයට 25ක සෙස් බදු ඉවත් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* රජයේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අපනයන කර්මාන්තපුර 15ක් ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* කොළඹ වෙළද ප්‍රදර්ශනයක් ලබන වසරේදී පැවැත්වීම සඳහා රුපියල් මිලියන 50ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ශ්‍රී ලංකා නාමය ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්ත විදේශ අායෝජන කිරිම දිරිමත් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අධිතාක්ෂණික යන්ත්‍රෝපකරණ ව්‍යාපාර සඳහා ආනයනයේදී 75%ක බදු නිදහසක් ලබා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අගය එකතු කරන ව්‍යාපාරිකයන් දිරිගන්වන බව මුදල් අමාත්‍යවරයා පවසයි. 

* ලුණු ආනයනය කනගාටුවට කරුණක් ඒ නිසා එය පෞද්ගලික අංශයට විවෘත කරනබව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මැටි ලබාගැනීමේ ගැටලු විසදීමට පූර්ණ බලැති කමිටුවක් පත්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දේශීය කලා කරුවන් මූල්‍ය ගැටලු වලින් පෙලන බවත් ලක්සැල විසින් ඔවුන්ට ගෙවිය යුතු මුදල් මසක කාලයකදී ගෙවා අවසන් කල යුතු බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* රෙදිපිලි හා අත්කම් කර්මාන්තයට නැවත ජීවය දීමට අපි බලාපොරොත්තු වෙන බවත් ඒ අනුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සඳහා යටිතල පහසුකම් හා  පුහුණුව ලබාදීමට කටයුතු කරන බවත් මේ සඳහා රු.මි. 500 වෙන් වෙන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සඳහා ණය ක්‍රමයක් වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ගත වන සීමාව රුපියල් ලක්ෂ 5ක් දක්වා වර්ධනය කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් දිගු කාලීන කුලී පදනම මත ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ජාතික ව්‍යාපාර පදනමක් ආරම්භ කිරිමට රුපියල් මිලියන 50ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ව්‍යාපාර කිරීමේ පහසුකම් වර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සියලු ඖෂධ හල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සෑම රෝගියකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියැවිල්ලක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* කරාපිටිය, අම්පාර සහ යාපනය රෝහල්වල විශේෂ ළමා ඒකක ඇති කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* හෙද පුහුණු පාසල් සඳහා මිලියන 200ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් රජයේ නොවන උපාධි ආයතන රට තුළට පිවිසීමට අවස්ථාව ලබා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අධ්‍යාපනයේ ගුණාත්ම මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කරන  බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන  ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කරන  බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විශ්ව විද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රී අට දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරන  බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විශ්ව විද්‍යාල සිසුන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල ඉගෙනීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි. .

* ජ'පුර  කැලණිය යාපනය පේරාදෙණිය අධ්‍යාපනවේදී උපාධිපාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සංඛ්‍යාන හා තොරතුරු තාක්ෂණ විශයන් හඳුන්වා දීම වෙනුවෙන් රුපියල් මිලියන 13000 ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සරසවිවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 2020 වන විට තව 50,000කින් වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අවුරුදු පහේ සිට 19 දක්වා මිලියන 4.5ක පාසල් දරුවන්ට එක් දරුවකුට රුපියල් ලක්ෂ දෙකක් වන පරිදි රක්ෂණ ක්‍රමයක් ගෙන එන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබා දෙන දෛනික දීමනාව රුපියල් 50 සිට 150 දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ප්‍රාථමික හා ද්විතියීක පාසල්  වල විද්‍යාගාර, පුස්තකාල ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 21,000ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* 2017 වසර අවසන් වන විට දිවයිනේ පාසල් 100ක් සඳහා ජල, විදුලි හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 5000ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* පාසල් 35000කට තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 5000ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* පොළොන්නරු හා හම්බන්තොට ඇතුළු තෝරා ගත් දිස්ත්‍රික්ක අටක භූගත ජල පරීක්ෂණ සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 200ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මන්නාරම පිහිටි තාරපුරම් වැව ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 600ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* විශාල වේලි 33ක් ප්‍රතිසංස්කරණය හා වේලි 80කට මූලික පහසුකම් සැපයීම ඇග්‍රෝ මෙට්‍රික් මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මල් වගා හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය දිරි ගැන්වීමට තවාන් 200ක් ඇති කිරීම වෙනුවෙන් රජය සියයට 50ක ණය පොලී සහනයක් ලබා දෙන  බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මිල ලිහිල් කරන බවත් කිලෝ එකක සම්පූර්ණ කුකුළකුගේ මිල රුපියල් 420ක් කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* ධීවර කර්මාන්තයේ ඉහළ මට්ටමින් වාණිජකරණයට අවැසි පරීක්ෂණ සඳහා නාරා ආයතනය ඇතුළු අංශ දිරිමත් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* වැවක් සහිත ගමන් වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* හම්බන්තොට, මඩකලපුව, යාපනය ඇතුළු වෙරළාසන්න දිස්ත්‍රික්ක 10ක ජීවනෝපාය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1200ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ධීවර වරායවල්හි යටිතල පහසුකම් හා නැංගුරම් පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 1350ක් ලබා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මත්ස්‍ය සැකසුම් හා ටිං කිරීම වැනි අපනයන සැකසුම් සඳහා හම්බන්තොට ඇතුළු පෙදෙස් වල මිරිදිය මත්ස්‍ය කලාප ඇති කිරීමට මිලියන 700ක් වෙන්කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දේශීය කිරි නිශ්පාදනය වැඩි කිරීමටත් පාරිභෝගිකයන් පෙළඹවීමටත් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක පෙර මිල අඛණ්ඩව පවත්වාගෙන යන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* කිරි ගොවි කලාප පිහිටුවීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දියර කිරි නිශ්පාදනය වැඩි කිරීමට උසස් තත්ත්වයේ කිරි ගවයින් 15000ක් ආනයනය කිරීමට විදෙස් රටවල් සමග සාකඡ්චා කර ඇති අතර එක් කිරි ගොවියකුට අවම වශයෙන් කිරි ගවයන් 10 දෙනකු ලබා දීම රජයේ අරමුණ බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* වයඹ විශ්ව විද්‍යාලයේ ආහාර තාක්ෂණ පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* වී පළතුරු එළවළු ධාන්‍යවර්ග හා මල් වර්ග සඳහා දියුණු තාක්ෂණ ක්‍රම භාවිත කිරීම සඳහා කෘෂිකර්ම සැකසුම් කර්මාන්ත සඳහා ව්‍යවසායකයන් ධිරිමත් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* නව තාක්ෂණික හා කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට සියයට 15ක පොළී සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* වගා බිම් කැබලි වීමේ තත්ත්වය නිසා ගැටළු රැසක් ගොවීන්ට ඇති වී තිබෙන බවත් ගොවීන්ට ණය ලබා දීම සහ නිශ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීමට ගොවි සමූපාකාර ඇති කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

* කෘෂිකර්ම අංශයේ නිරත මිලියන 2.5 ජනතාවගේ මාසික ආදායම රුපියල් 25000ක් පමණ වන නිසා ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* කෘෂිකාර්මාන්තයට මුල් තැන දෙමින් අය වැය ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අනාගතයේ විශ්‍රාමිකයන් සඳහා සුදුසු යෝජනා සලකා බලන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ඉතිහාසයේ පළමු වතාවට 2017 අය වැය සකස් කිරීමේ දී මහජනතාවගේ අදහස් විමසු බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* උතුරු නැගෙනහිර ආර්ථිකයේ ඇති වෙනස්කම් 2020 වන විට ඉවත් කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ගොවි ජනතාවගේ දිවි පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා දියුණු තාක්ෂණ ක්‍රම හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම තලයකටම විහිදී  යන ලෙස කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර වැඩිදුයුණු කිරීම හා සංවර්ධනය සිදු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සන්නිවේදන තාක්ෂණය, යාන්ත්‍රික, රොබෝ, තොරතුරු තාක්ෂණය ගෝලීය දියුණුවට අදාළව වැඩි දියුණු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සාගර සම්පත් මගින් ආර්ථික හැකියාව ඉහළ නංවන  බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* නිදහස් වෙළඳාමක් නොව සාධාරණ වෙළඳාම ඇති කර විදේශ විනිමය රටට ගලා ඒම වර්ධනය කරන  බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* අපනයන සංවර්ධනයන් සඳහා වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ඉහළ රැකියා අවස්ථා සඳහා හා විකල්ප ව්‍යවසායක අපේක්ෂා සඳහා සියලු ආර්ථික ක්ෂේත්‍රයන්හි වෙනස්කම් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* මෙවර අයවැයේ තේමාව 'සැමට සමාජයක්' යන්න බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* රටේ විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩකඩ සලසමින් දේශීය හා විදේශීය අයෝජනයන්ට අවස්ථාව වැඩි කරනබව මුදල් අමාත්‍යවරයා පවසයි.

* ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රයක් බවට පත් කිරීමට උපාය මාර්ගිකව කටයුතු කිරීම රජයේ අරමුණබව මුදල් අමාත්‍යවරයා පවසයි.

* සියයට හතක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

* දිළිඳුකම දුරු කිරීම සඳහා 2017 වසරේ මුල සිටම වැඩසටහන් රැසක් සිදු කිරීමට බලා පොරොත්තු වෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad