රනිල්ව පුම්බන්න අලුත් පත්තරයක් - ලෝකයේ ප්‍රබලම වෙබ් අඩවි ක්‍රියාකාරීන් 10දෙනා ගෙන්වයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 6, 2016

රනිල්ව පුම්බන්න අලුත් පත්තරයක් - ලෝකයේ ප්‍රබලම වෙබ් අඩවි ක්‍රියාකාරීන් 10දෙනා ගෙන්වයි (VIDEO)

රනිල්ව පුම්බන්න අලුත් පත්තරයක් - ලෝකයේ ප්‍රබලම වෙබ් අඩවි ක්‍රියාකාරීන් 10දෙනා ගෙන්වයි (VIDEO)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුම්බන්න රුපියල් බිලියනයක් වියදම් කර නව පුවත්පතක් මුද්‍රණය කිරීමට ආයතනයන් ස්ථාපිත කර ඇතැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම රුපියල් බිලියනයක මුදල යොදවා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා බව ද ඊයේ(05) මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

ලෝකයේ සිටින ප්‍රබලම වෙබ් අඩවි ක්‍රියාකාරීන් 10දෙනා ගෙන්වා ලබන මාසයේ වෙබ් අඩවි 10ක් ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවත් එම වෙබ් අඩවි මගින් රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහෙන්ද්‍රන් සුද්ද කිරීමේ සැලසුමක් ඇති බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහට ගමන් යාමට හෙළිකොප්ටර් යානයක් ගෙන්වීමට ද කටයුතු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad