ඇමති අර්ජුනගෙන් ඇමති දයාසිරිට චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 22, 2016

ඇමති අර්ජුනගෙන් ඇමති දයාසිරිට චෝදනාවක්

ඇමති අර්ජුනගෙන් ඇමති දයාසිරිට චෝදනාවක්

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සහ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සඳහන් කරමින්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යවා ඇති කිසිදු ලිපියකට මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයා පිළිතුරු ලබා දී නැතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) එම අමාත්‍යංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, " මම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ගැටළු පෙන්වා දෙමින් ඊට අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම සඳහා ලියුම් හතරක් පහක්ම යවා තිබෙනවා. නමුත් ඒ එකදු ලිපියකටවත් මේ වනතෙක් පිළිතුරක් නැහැ. මම ඒ හැම ලිපියකම පිටපතක්ම ජනාධිපතිවරයාටත් යොමු කරලයි තියෙන්නෙ. කැබිනට් ඇමතිවරයෙක් විදියට මට ඍජුවම ජනාධිපතිතුමාට මේ ගැන කියන්න බැරිකමක් නැහැ. නමුත් එහෙම නොකර අමාත්‍යවරයාටම ඒ බව දන්වා තිබියදී ඒවාට පිළිතුරු නොදීම ගැටළුවක්." බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad