“හමුදා කුමන්ත්‍රණ” භීතියෙන් ජනපති වෙව්ලයි-හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරින් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 22, 2016

“හමුදා කුමන්ත්‍රණ” භීතියෙන් ජනපති වෙව්ලයි-හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරින් ඉවතට

හමුදා කුමන්ත්‍රණයක් හරහා ජනාධිපතිවරයා බලයෙන් පහකිරිමට කටයුතු කරමින් සිටින බවට රට පුරා ප්‍රචාරය කිරිම පසුපස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සිටින බවත් ඔහුන් සම්බන්ධයෙන් වහාම පරික්ෂණ ආරම්භ කර තිබේන බව ආරක්ෂක ප්‍රධානින් ජනාධිපති සිරිසේන හමුවේ අවධාරණය කර තිබේ.

පසුගියදා සිරිසේන ජනාධිපති කල ප්‍රකාශයක් පදනම් කර ගනිමින් රටේ ආරක්ෂක හමුදාවන් ජනාධිපතිවරයාට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් කරන බවට විවිධ් ප්‍රචාරයන් දියත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිද පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමු වි තිබුන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

එජාපයේ විවිධ සම්බන්ධතා ඇති සමාජ ජාලා ක්‍රියාකාරින් සහ මුද්‍රිත පුවත් පත් හරහා “ජනාධිපතිවරයාට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක්” යන මතය සමාජ ගත කිරිමය උත්සහ කරමින් සිටින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් හරහා දැනුම් දි තිබේ.

හමුදා කුමන්ත‍්‍රණයක් පිලිබදව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර සාකච්චාවක් ඇතිව තිබේනබවත් හමුදා ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීම් හා ඔහුන්ගෙන් ප‍්‍රශ්න කිරීම ගැන විරෝධය පා ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු මේ තත්වය මතුව ඇත.

ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්තිය හේතුවෙන් ඔහුන් වෛර බැද ගන්නේ තමන් සමග බවත් ජනාධිපති සිරිසේන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පෙන්වා දි තිබේ. මේ අතර “හමුදා කුමන්ත්‍රණ” භීතියෙන් වෙව්ලමින් සිටින සිරිසේන සිය ආරක්ෂක ක්‍රියාමාර්ග වෙනස් කිරිම සදහා විශේෂ ආරක්ෂක විශේෂඥයන්ගෙන් උපදෙස් පතා ඇති අතර ඒ පිළිබඳව අනාවරණය ඉදිරියේදි බලාපොරොත්තු වන්න...

මේ අතර යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. ඒ මහතා එම තනතුරට පත්ව ඇත්තේ 2011 වසරේදී ය.

“හමුදා කුමන්ත්‍රණයක් ඇති වෙන්නේ නැහැ, හැබැයි ඇතිවෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි වැඩකරන්න හොඳ නැහැ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නොයෙකුත් ප්‍රකාශ කරගෙන ඉන්නවා, මහින්ද රාජපක්ෂට කැන්වසින් කරපු හිටපු හමුදාපතිවරුත් ඉන්නවනේ මේ රටේ”

රාජිත සේනාරත්න
කැබිනට් තීරණ දැනුම් දීම (ඔක්. 19) පැවැති මාධ්‍ය හමුවේදී


උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad