පැහැරගැනීම හා ඝාතනය සිදුකර ඇත්තේ සුලෙයිමාන්ගේ ගණකාධිකාරවරයා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

පැහැරගැනීම හා ඝාතනය සිදුකර ඇත්තේ සුලෙයිමාන්ගේ ගණකාධිකාරවරයා


පිටකොටුවේ නාට්ටාමිලාගේ සහායෙන්
පැහැරගැනීම හා ඝාතනය සිදුකර ඇත්තේ
සුලෙයිමාන්ගේ ගණකාධිකාරවරයා


සිය නිවස අසළට පැමිණි කප්පම්කරුවන්ගේ පැහැරගැනීමට ලක්ව පසුව ඝාතනයවූ
බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන් (29) එසේ ඝාතනය කළ අය කවුරුන්ද යන්න ගැන පොලිසිය සිදු කරන පරීක්ෂණ වලදී මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණයවී තිබේ.
මෙම ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයේම පුද්ගලයෙකු මෙම සියල්ල පසුපස සිටින බවට
දැන් තොරතුරු අනාවරණයවී තිබේ. සුලෙයිමාන්ගේ මුදල් වත්කම් කළමනාකරණය කරන ගණකාධිකාරවරයා බව කියන ඔහු පිරිසක් යොදවා සුලෙයිමාන් පැහැරගෙන සුලෙයිමාන්ගේ පියාගෙන් කප්පම් ගැනීම සැරලසුම් කර ඇත.
මෙම සිද්ධියට ඔහු සම්බන්ධ බව සුලෙයිමාන් හඳුනාගැනීමත් මාධ්‍ය ප‍්‍රචාර නිසා කප්පම් ගැනීමේ වැඬේ ගැස්සී යාමත් නිසා සුලෙයිමාන් ඝාතනය කර අතහැර දමන්නට ඔවුන් තීරණය කර තිබෙන අතර කප්පම් මුදල් ලැබුණත් නොලැබුණත් ඔහු ඝාතනය කරන්නට කල් ඇතිව සැලසුම් කර තිබුනේද යන්න ගැනද පොලිසිය සිදු කරන පරීක්ෂණවලදී හඳුනාගන්නට ලැබී තිබේ.

මේ වනවිට  ඝාතනය කළැයි කියන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහුගෙන් ඉදිරියේදී තවත් ප‍්‍රශ්න කිරීම් සිදුකරන්නට නියමිතය.
වාර්තාවන ආකාරයට සුලෙයිමාන්ගේ මළ සිරුර හමුවූ මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රදේශයට කුලී රියකින් සිරුර ගෙන ගොස් දමා ඇති අතර ඒ සඳහා ගණකාධිකාරවරයා පිටකොටුවේ නාට්ටාමිලා ඇතුළු 6 දෙනෙකුගේ සහාය ලබාගෙන ඇත.
කොළඹ සිට කෑගල්ල දක්වා මාහාමාර්ගයේ සිද්ධිය දවසේ රාත‍්‍රී සීසීටීවී දර්ශන රාශියක් පරීක්ෂා කිරීමෙන් පසුව එම වාහනය ගමන් කරන ආකාරයද සොයාගෙන ඇත.
ඔවුන් එසේ ගෙන ගිය මළ සිරුර හෙළකින් පහළට තල්ලූ කර ඇත.
සුලෙයිමාන්ගේ පියාගෙන් කෝටි දෙකක කප්පම් ඉල්ලන්නට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත්තේ කෑගල්ලේ පිහිටි පුද්ගලික කොමියුනිකේෂන් ආයතනයකිනි.
එම ඇමතුම ගන්නා අවස්ථාවේත් සුලෙයිමාන් මරාදමා තිබී ඇති බවට මේ වනවිට ලැබී ඇති සාක්ෂි රැසකින් අනාවරණය වන බව පොලිසිය දන්වා ඇත.
පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කොළඹ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නිශාන්ත ද සොයිසා එම විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායම් 20ක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.


No comments:

Post a Comment

Post Bottom Ad