11 වරක් දූෂණයවූ මත්පැනට ලොල් වයස 13 දැරිය අධිකරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

11 වරක් දූෂණයවූ මත්පැනට ලොල් වයස 13 දැරිය අධිකරණයට


මඟතොටේදී හමුවූ හදිසි පෙම්වතකු විසින් අවුරුදු 13යි මාස 5ක් වයසැති ළාබාල තරුණියක මාවනැල්ල නගරයේ සැණකෙළියක් නැරැඹීමට යැයි පවසා කැඳවාගෙන ගොස් උස්සාපිටිය ප්‍රදේශයේ ලැඟුම් හලකදී
මත්පැන් පොවා දූෂණයට ලක්කොට සැණකෙළි බිමේ අතරමං කර දමා යෑමෙන් පසු එහිදීද කීප දෙනකුගේ අතවරයට ලක්ව සිහිසුන්ව වැටී සිටියදී මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි කියන සිද්ධියක් අරණායක පොලිසියට වාර්තා වී ඇත.


මෝරාගම්මන ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මේ තරුණිය මත්පැනට ලොල් වූ එකියක බව ප්‍රකටව තිබීම නිසා තරුණයන් විසින් ඇයට මත් පැන් දී වරදට පොලඹවා ගැනීම පුරුද්දක් කොට ගෙන ඇති බවත් 2015 සිට මේ දක්වා තරුණයන් 11 දෙනකු අතින් ඇය දූෂණයට ලක් වී ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඇයගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඇයට අතවර කළ තරුණයන් 6 දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර තරුණයන් හා අදාළ තරුණිය ඊයේ (31දා) මාවනැල්ල දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
සැණකෙළිය පැවැති දිනට පසුදා ඇයව මාවනැල්ල මූලික රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයට පත් කිරීමෙන් පසු ලිංගික අතවරයට ලක් වී ඇති බව අනාවරණය වී ඇත.
කෑගල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩී. ආනන්ද සේරසිංහ, සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන්, අරණායක පොලිසියේ පොලිස් ස්ථානාධිපති පී.ආර්. සුජීව ගුණතිලක මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. කේ.ජී. අභයකීර්ති, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි යාපා මැණිකේ (3773), පො.සැ. හරිස්චන්ද්‍ර (22943), පො.සැ. රත්නායක (5697), පො.කො. මුණසිංහ (35754), පො.කො. අශෝක (33743), පො.කො. වේරකේ (56991) යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

No comments:

Post a Comment

Post Bottom Ad