ඇමති මහින්දගේ ප්‍රකාශයට මන්ත්‍රීවරුන්ගෙන් පිළිතුරක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

ඇමති මහින්දගේ ප්‍රකාශයට මන්ත්‍රීවරුන්ගෙන් පිළිතුරක් (VIDEO)

ඇමති මහින්දගේ ප්‍රකාශයට මන්ත්‍රීවරුන්ගෙන් පිළිතුරක් (VIDEO)

පසුගියදා ආසන සංවිධායකධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයට හෝමාගම නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් විරෝධය පළ කරයි.

ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් හෝමාගම නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔවුන් තම විරෝධය පළ කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, නීතීඥ ජනක වැලිවත්ත මහතා කියාසිටියේ බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රීලනිපයේ සිටි දූර්වල සංවිධායකයෙක් නොවන බවත් ඔහු එම ධූරයේ සිටි කාලය තුළ 2010 මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලංකාවේ වැඩිම ඡන්ද ගෙන ආ තැනැත්තා ඔහු බවත්ය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad