අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය උතුරට ඉල්ලා උද්ඝෝෂණයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය උතුරට ඉල්ලා උද්ඝෝෂණයක් (PHOTOS)

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය උතුරට ඉල්ලා උද්ඝෝෂණයක් (PHOTOS)
අතුරුදහන්වූවන් පිලිබදව තොරතුරු සොයා බැලෙන කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් ජනතාවට සෙතක් නොවන බව පවසමින් කිළිනොච්චියේ හා මුලතිව් පළාත්වල වැසියෝ අද (18) උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණකරුවන් ඉල්ලා සිටියේ එම කාර්යාලය කිළිනොච්චිය හෝ මුලතිව් පළාත්වල පිහිටුවන ලෙසයි. දිවයිනේ වැඩිම පිරිසක් අතුරුදහන් වී ඇත්තේ යුද්ධය හේතුවෙන් බව පැහැදිලි කළ උද්ඝෝෂණකරුවෝ ඉන් වැඩිම පිරිසක් අයත් වන්නේ කිළිනොච්චි හා මුලතිව් පළාත්වලට බව ද පෙන්වා දුන්හ.

කොළඹදී මෙම කාර්යාලය පිහිටුවීමෙන් උතුරේ වැසියන්ට සිය දුක්ගැනවිලි රැගෙන අධික වියදමක් දරමින් කොළඹ යාමට සිදුවන නිසා වැඩිම පිරිසක් අතුරුදහන් වී සිටින පළාතක එම කාර්යාලය පිහිටුවන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.

යුද්ධය හේතුවෙන් අතුරුදන්වූ පුද්ගලයින් පිළිබදව කරුණු සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමෙන් උතුරේ වැසියන්ට කිසිදු සහනයක් මෙතෙක් නොලැබුණු බව පෙන්වා දුන් උද්ඝෝෂණකරුවෝ වැඩිදුරටත් කියාසිටියේ මෙම කාර්යාලය කොළඹ පිහිටුවීමෙන් සිදුවන්නේ ද එවැනි ඵල රහිත ක්‍රියාවක්‍ බවයි.

ඡායාරූප පහතින්....

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad