කොළඹ ආරක්ෂක සමුළුව පළමුවැනිදා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

කොළඹ ආරක්ෂක සමුළුව පළමුවැනිදා

කොළඹ ආරක්ෂක සමුළුව පළමුවැනිදා

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් වාර්ෂිකව සංවිධානය කරන 'ආරක්‍ෂක සමුළුව 2016' (Defence Seminar 2016) ලබන සැප්තැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

විවිධ විදේශ ප්‍රතිපත්ති හඳුනාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඒ වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම මෙවර 2016 ආරක්‍ෂක සමුළුවේ අරමුණ වේ.

'මෘදු බලය සහ ගෝලීය ගැටලු කෙරෙහි එහි බලපෑම' (Soft Power and Its Influence on Global Issues) මෙවර ආරක්‍ෂක සමුළුව 2016හි තේමාව වන අතර ඒ වෙනුවෙන් විදේශ රටවල් 71ක් නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් 125 දෙනෙක් සහ දේශීය ප්‍රතිපත්ති සම්පාදකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂකයන් ඇතුළු විද්වතුන් 800 ක් පමණ මේ වෙනුවෙන් සහභාගි වීමට නියමිතය. 

රටවල් 60 ක 160 කට අධික විද්වත් නියෝජනයක් සහිතව 2011 වර්ෂයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පුරෝගාමිත්වයෙන් ඇරඹි 'ආරක්‍ෂක සමුළුව' මෙවර පැවැත්වෙන්නේ 'කොළඹ ආරක්‍ෂක සමුළුව' (Colombo Defence Seminar) ලෙසයි.

පසුගිය 2015 වසරේ පැවති ආරක්‍ෂක සමුළුව සඳහා රටවල් 70ක් නියෝජනය කරමින් විවිධ ක්‍ෂේත්‍ර විද්වතුන් 100 කට අධික පිරිසක් සහභාගි විය.

 මෙවර සමුළුවේ පළමු දින ආරම්භක දේශනය යුද හමුදාපතිවරයා විසින් සිදුකිරීමට නියමිත අතර ප්‍රධාන දේශනය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad