අධීක්ෂණ මන්ත්‍රීන්ට ව්‍යාපෘති 36,000ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

අධීක්ෂණ මන්ත්‍රීන්ට ව්‍යාපෘති 36,000ක්

අධීක්ෂණ මන්ත්‍රීන්ට ව්‍යාපෘති 36,000ක්

යහපාලන ආණ්ඩුව විසින් පත් කෙරෙන අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවර්ධන ව්‍යාපෘති 36000ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙි.

රුපියල් මිලියනය දක්වා වන ව්‍යාපෘති 2100ක් ද විමධ්‍යගත ප්‍රතිපාදනය යටතේ ව්‍යාපෘති 1500ක් මෙයට අයත් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති 36000 ක්‍රියාත්මක කිරිම අධීක්ෂණ මන්ත්‍රිවරුන්ගේ වගකීමයි.

ජනතා සුබ සිද්ධිය සඳහා අවශ්‍ය නම් පැය 24 පුරාවටම වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට තම මැතිවරණ කොට්ඨාශය තුළ අංග සම්පූර්ණ පහසුකම් සහිත කාර්යාලය බැගින් පිහිටුවා ගැනීමට ද පහසුකම් සැලසෙන අතර දිස්ත්‍රික්කය පුරා ගමන් කරමින් සේවයේ යෙදීමට ප්‍රමාණවත් ඉන්ධන ද නිකුත් කෙරේ.

අධීක්ෂණ තනතුරු ලබන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම වසර අවසන්වීමට ප්‍රථම ඉහත සංවර්ධන ව්‍යාපෘති 36000ම සම්පූර්ණ කළ යුතු බව ද අගමැති වික්‍රමසිංහ මහතා නිකුත් කළ උපදෙස් වල වැඩිදුරටත් සඳහන් වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad