හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ඉතාලි සංචාරය අතරතුර ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් හරහා අත් අඩංගුවට ගැනිම සදහා විදේශ අමාත්‍ය මංගල පොන්නවිර දෙමළ ඩයස් පොරාව (GTA) සමග් මෙහෙයුමක් දියත් කරමින් සිටින බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොරියාවේ කරන ලද සාර්ථක සංචාරය සහ වැඩිම ලාංකිකයන් පිරිසක් සිටින ඉතාලියේ ලබන මස මුල් සතියේ සංචාරයක් සදහා පිටත් වන බව දැන ගැනිමත් සමග මෙම් මෙහෙයුම දියත් කර තිබේන අතර එංගලන්තයේ වෙස්මිනිස්ට්ර් අධිකරණය හරහා ගන්නා වරෙන්තුවකට අනුව මහින්ද රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනිමට කටයූතු සුදානම් කරමින් සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
වැඩිම සිංහල ඩයස්පොරාවක් ජිවත් වන ඉතාලියේ හිටපු ජනාධිපතිවරයා සංචාරය කිරිම දෙමළ ඩයස්පොරාවට හිතකර නොවන බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් මිට දින 5කට පෙර සිය කමිටු සමාජිකයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර ඇති අතර ශ්‍රි ලංකා අණ්ඩුවේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමට මෙහෙයුමක දියත් කරමින් සිටින බවටද තොරතුරු අනාවරණය කර තිබේ.
එම රැස්විමේ ගත් තින්දුවලට අනුව දෙමළ ඩයස් පොරාව ජාත්‍යන්තරය සමග මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කර තිබේන යුධ් අපරාධ චොදනා භාවිතා කරමින් ජාත්‍යන්තර නීතිය උපයෝගී කර ගනිමින් මහින්දව අත් අඩංගුවට ගැනිම සදහා හැකියාවක් තිබේද යන්න සොයමින් සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
එන මස මුල් සතියේ නිරතවීමට නියමිත ඉතාලි සංචාරය සදහා මහින්ද රාජපක්ෂ මහත සමග ඒකාබද්ද විපපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙක්ද එක්විමට නියමිත අතර ඉතාලියේ වෙසන ශ‍්‍රී ලාංකිකයින්ගේ ජනහමු කිහිපයක් මෙන්ම යුරෝපා රටක වැඩිම සිංහල ඩයස්පොරාවක් සිටින රටද ඉතාලිය වේ.
යහපාලනය උදාවු දා සිටම මේ දක්වා ආණ්ඩුව නියෝජනය කරමින් ඉතාලියේ ශ්‍රිලාංකික ඩයස්පොරාව හමුවිම සදහා කිසිදු අවස්ථාවක් නොලැබුනු අතර අවස්ථා ගණනාවක එවැනි රැස්විම් සංවිධානය කිරිමට උත්සහ ගත්තද වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ දැඩි ලෙස හෙළාදකින ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ සිටිම හේතුවෙන් එම අවස්ථාව අතහැර දැමිමට සිදුවුනා.
යහපාලන විදේශ අමාත්‍ය මංගල පොන්නවිර ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් සාකච්ඡාවේ එකඟතාවයන් සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදයේසියලු දෙනා දැනුවත් කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි ඒ අනුව මුලීකව සහ අනිවාර්යයෙන් සිදුකලයුතු බවට එකඟතාව යන් ඇතිකරගෙන තිබෙන බවද අප කලින් වාර්තාකර තිබුනා.
ඒ අනුව අනිවාර්යයෙන් සිදුකලයුතු බවට එකඟතාව..
* යුද අපරාධ පිළිබඳව විවිධ පියවර ගැනීම හා ඒ හරහා මහින්ද රාජපක්ෂ හා ගොඨාභය රාජපක්ෂ ඇතුලු වගකිවයුතු හමුදා නිළධාරීන් යුධ අධිකරණයට යොමු කිරිම.
* යහපාලන රජය පිහිටු විමේදි ඇතිකර ගත් එකඟතාව අනුව උතුර -නැගෙනහිර යලි එකාබද්ධ කිරිම.
* ස්වයං පාලනය පිහිටු විමට අදාළ කටයුතු වෙගවත් කිරිම.
* ;2014 මාර්තු මස 21 වැනි දින නිකුත් කරනලද ගැසට් නිවේදනයක් අනුව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ දෙමළ ඩයස්‌පෝරා සංවිධානය තහනම් කිරීම ඉවත් කිරිම.
මුලීකව සාකච්ඡා කල කරුණු..
උතුර නැගෙනහිර දෙමළ ජනතාව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ තවද සිදුවූවේ යෑයි සමහර පාර්ශ්වයන් විසින් මතු කරනු ලබන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ කිරීම සඳහා ස්‌වාධීන ක්‍රියා මාර්ගයක් ස්‌ථාපිත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විවිධ පාර්ශ්වයන් සමග අදහස් හුවමාරු ගෙන තිබේ.
යුද අපරාධ පරීක්‍ෂා කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් ග්ලෝබල් ටැමිල් ෆෝරම් සංවිධානය හා සාකච්ඡාවට සම්බන්ධ වූ අනෙකුත් දේශීය හා විදේශීය නියෝජිතයන් සමග හුවමාරු කර ගැනිම.
දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විම සහ ඒ හරහා සිංහල බහුතරයේ ඔළුව වෙනස් කිරිමට කටයුතු කිරිම.
Friday, August 19, 2016
යුරෝපා සංචාරයේදි “මහින්ද” අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment