කිළිනොච්චි ජනතාවගේ ගැටලූවලට උතුරු ආණ්ඩුකාරගෙන් සහනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

කිළිනොච්චි ජනතාවගේ ගැටලූවලට උතුරු ආණ්ඩුකාරගෙන් සහනයක්

කිළිනොච්චි ජනතාවගේ ගැටලූවලට උතුරු ආණ්ඩුකාරගෙන් සහනයක්

කිළිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝලඞ් කුරේ මහතා කිළිනොච්චි දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ඉඩම් ගැටලූ පිළිබඳව විශේෂ කැඳවීමක් කර තිබූ අතර ඒ සඳහා ඉඩම් ගැටලූ සහිත පිරිස් 50කට ආසන්න ප‍්‍රමාණයක් පැමිණ සිටියහ.

මෙම අවස්ථාවේදී කිළිනොච්චි දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා පළාත් ඉඩම් කොමසාරිස්ගේ සහභාගිත්වයෙන් එම ඉඩම් ගැටලූ සඳහා ඒ අවස්ථාවේදීම විසඳුම් ලබාදුන් අතර ඉදිරියේදී ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසත් විසදීමට නොහැකි ඉඩම් ප‍්‍රශ්න සහ ගැටලූ මධ්‍යම රජයේ ඉඩම් අමාත්‍යවරයාටත් සහ ජනාධිපතිවරයාටත් යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එම ගැටලූ තමන් වෙත ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය. 

පසුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිළිනොච්චියේ පොදු වෙළඳ සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එම අවස්ථාවේදී වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ගේ දැනට පවතින ප‍්‍රශ්න ගැටලූ පිළිබඳව සාකච්ඡාවකද නිරත විය.

එසේම පසුගිය රජය විසින් මිලියන 100කට ආසන්න මුදලක් වැය කරමින් 2013 විවෘත කරන ලද වෙළඳසැල් 40කින් සමන්විත කිළිනොච්චි ආර්ථික මධ්‍යස්ථානයද නිරීක්ෂණය කල උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හැකි ඉක්මනින් ඇතිවී ඇති ගැටලූ විසඳා ජනතාවගේ ජීවන තත්වය පහසු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ප‍්‍රකාශ කළේය.  

 

No comments:

Post a Comment

Post Bottom Ad